තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය රොසොටෘඩ්නිචෙස්ට්වො හි ප්‍රධානියා හමුවෙයි

තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය රොසොටෘඩ්නිචෙස්ට්වො හි ප්‍රධානියා හමුවෙයි

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය පොදුරාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍ය කටයුතු පිළිබඳ ෆෙඩරල් නියෝජිතායතනය, විදේශයන් හි වෙසෙන ස්වදේශිකයන් සහ ජාත්‍යන්තර මානුෂීය සහයෝගිතා සංගමයේ (Rossotrudnichest)  ප්‍රධානී යෙව්ගනි ප්‍රිමාකොව් මහතා සමඟ 2021 දෙසැම්බර් 13 වැනි දින හමුවක් පැවැත්වූ අතර,  එහිදී ශිෂ්‍යත්ව, විශ්වවිද්‍යාල සහ පාසල් අතර සහයෝගිතාව, ගුරු පුහුණුව, තරුණ සංවර්ධන වැඩසටහන් ආදිය සම්බන්ධයෙන් පවත්නා ශ්‍රී ලංකා-රුසියානු සහයෝගිතාව ඉදිරියට ගෙන යාමේ මාර්ග පිළිබඳව සාකච්ඡා පැවැත්වූවා ය.

වර්තමානය වන විට රොසොටෘඩ්නිචෙස්ට්වො ආයතනය රුසියාවේ අධ්‍යාපනය ලැබීමට රුචිකත්වය දක්වන ශ්‍රී ලාංකික සිසුන් සඳහා ශිෂ්‍යත්ව 40 ක් වෙන් කර ඇති අතර, වෘත්තීය සබඳතා ගොඩනැංවීමේ අරමුණින් “නව පරපුර” (New Generation) නමැති කෙටි කාලීන අධ්‍යයන වැඩසටහන් ඔස්සේ  රුසියානු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, තරුණ ප්‍රජාව හා මහජන සංවිධාන සමඟ දිගුකාලීන හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීමට රුසියාවට පැමිණෙන ලෙස වයස අවුරුදු 25 -35 යන වයස් සීමාවේ පසුවන තරුණ නායකයින්ට ආරාධනා කර සිටියි.

අන්‍යෝන්‍ය අවශ්‍යතා සහිත සෑම ක්ෂේත්‍රයකම සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම සිය එකඟත්වය පළ කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 දෙසැම්බර් 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close