තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා ටෂ්කන්ට් හි ඖෂධ පාලනය පිළිබඳ ජාතික තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා හමුවෙයි

තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා ටෂ්කන්ට් හි ඖෂධ පාලනය පිළිබඳ ජාතික තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා හමුවෙයි

උස්බෙකිස්තාන් ජනරජයේ පළමු නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා සහ පළමු ලේකම් නිරෝෂා හේරත් මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිස, උස්බෙකිස්ථාන් අමාත්‍ය මණ්ඩලය යටතේ පවතින මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ජාතික තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඕ. නර්සුල්ලායෙව් මහතා හමුවිය. මෙම රැස්වීම ටෂ්කන්ට් හි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ කාර්යාලයේ දී පැවති අතර, ජාත්‍යන්තර සහයෝගිතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සහ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ විශේෂඥයින් ද ඊට සහභාගී වූහ.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, පුනරුත්ථාපන හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම හා ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබදව තානාපති එම්.ඩී. ලමාවංශ මහතා මෙහිදී අධ්‍යක්ෂ ඕ. නර්සුල්ලායෙව් මහතා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එසේම, සාකච්ඡාව අතරතුරදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පවතින සිය සූදානම, දෙපාර්ශ්වයම ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මොස්කව්

2021 අප්‍රේල් 30 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close