තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා මෝල්ඩෝවා හි ජනාධිපතිවරිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා මෝල්ඩෝවා හි ජනාධිපතිවරිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

 

මෝල්ඩෝවා ජනරජය සඳහා සමගාමීව අක්තගන්වා සිටින, රුසියානු සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා, 2021 පෙබරවාරි 12 වැනි දින මෝල්ඩෝවා ජනරජයේ ජනාධිපතිනි අතිගරු මායියා සන්ඩු මැතිනිය වෙත සිය අක්තපත්‍ පිළිගැන්වීය.

මෙම නිල උත්සවය එරට ජනාධිපති කාර්යාලයේ දී පැවති අතර, එහි දී විවිධ රටවල් නියෝජනය කරන තානාපතිවරුන් 6 දෙනෙකු සිය අක්තපත්‍ පිළිගැන්වූහ.

තානාපති ලමාවංශ මැතිතුමා ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් මෝල්ඩෝවා ජනාධිපතිවරිය වෙත පිරිනැමීය. ශ්‍රී ලංකා තානාපති ලමාවංශ මැතිතුමා මෝල්ඩෝවා ජනරජය වෙත සාදරයෙන් පිළිගත් අතිගරු සන්ඩු මැතිනිය, මෝල්ඩෝවා-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඵලදායී ලෙස ඒකාබද්ධව කටයුතු කිරීමට අපේක්ෂාව පළ කළ අතර, එතුමාගේ රාජ්‍යතාන්ත්‍රික රාජකාරිවල සාර්ථකත්වය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමුවාය.

තානාපතිවරයා සමඟ එතුමාගේ භාර්යාව වන වෛද්‍ය තමරමාලා කන්නංගර මැතිනිය සහ අමාත්‍ය උපදේශක හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි මොහොමඩ් අනස් මහතා ද එක් වූහ.

මෙම නිල උත්සවයට පෙර, තානාපති ලමාවංශ මැතිතුමා සිය අක්තපත්‍රවල පිටපත් විදේශ කටයුතු හා යුරෝපීය ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් දුමිතෘ සොකොලන් මැතිතුමා වෙත ලබා දුන්නේය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

 

2021 පෙබරවාරි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close