තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ඩෙන්ග්ෆෙන් හි ෂැවොලින් පන්සල නැරඹීමට යයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ඩෙන්ග්ෆෙන් හි ෂැවොලින් පන්සල නැරඹීමට යයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා හෙනන් පළාතේ ඩෙන්ග්ෆෙන් හි පිහිටි ෂැවොලින් පන්සල නැරඹීමට ගියේය. විහාරාධිපති ෂි යොං ෂින් නාහිමියන් සහ නියෝජ්‍ය විහාරාධිපති යාන් පෙයි නාහිමියන් විසින් එතුමාව චාරිත්‍රානුකූලව පිළිගන්නා ලද අතර, ෂැවොලින් සංස්කෘතිය අත්විඳීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ෂැවොලින් නිර්මාංශ දිවා ආහාරයකින් එතුමාට සංග්‍රහ කරන ලදී. ෂැවොලින් භික්ෂූන් වහන්සේලා නිර්මාංශික වෙති. ෂැවොලින් සටන් කලාව පුහුණු වන භික්ෂූන් වහන්සේලා විසින් විශේෂයෙන්ම ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් විශිෂ්ට සන්දර්ශනයක් ද පවත්වන ලදී. තානාපතිවරයා සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ සංචාරශිෂ්‍ය හුවමාරුව සහ ශ්‍රී ලංකාවේ ෂැවොලින් මධ්‍යස්ථානයක් පිහිටුවීම ඇතුළුව ෂැවොලින් පන්සල සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව සඳහා අදහස් හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බෙයිජිං

 2021 අප්‍රේල් 17වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close