තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා හුනාන් ප්‍රාන්තයේ, චැංෂා හි පිහිටි මධ්‍යම දකුණු විශ්වවිද්‍යාලයේ (CSU) සභාපති ටියැන් හොංකි මහත්මිය හමුවෙයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා හුනාන් ප්‍රාන්තයේ, චැංෂා හි පිහිටි මධ්‍යම දකුණු විශ්වවිද්‍යාලයේ (CSU) සභාපති ටියැන් හොංකි මහත්මිය හමුවෙයි

හුනාන් ප්‍රාන්තයේ, චැංෂා හි පිහිටි මධ්‍යම දකුණු විශ්වවිද්‍යාලයේ (CSU) සභාපති ටියැන් හොංකි මහත්මිය හමුවූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලාංකික සිසුන් සඳහා එම විශ්ව විද්‍යාලයේ අමතර ස්ථානගත කිරීම් ලබාගැනීමේ සහ එහි උසස් තාක්ෂණ ශාඛාවක් ශ්‍රී ලංකාවේ දී පිහිටුවීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළේය. මධ්‍යම දකුණු විශ්වවිද්‍යාලය ඛනිජ වර්ග, ප්‍රවාහන ජාල, වෛද්‍ය විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය යනාදී කටයුතු පිළිබඳව ප්‍රසිද්ධියක් දරයි.

යෝජිත ශාඛාව සඳහා මධ්‍යම දකුණු විශ්ව විද්‍යාලය ගුරු සම්පත් හා ව්‍යාපෘති සැලසුම්කරණය සම්බන්ධයෙන් සහාය දෙන බව ජනාධිපති ටියෑන් මහත්මිය පැවසුවාය. එමඟින් විදේශීය සිසුන් සඳහා චීන රජය, විදේශීය පළාත් පාලන ආයතන, සමාගම් සහ විශ්ව විද්‍යාලයෙන් යන විවිධ ප්‍රභවයන් හතරකින් මූල්‍යාධාර සපයන බව ද ටියාන් මහත්මිය සඳහන් කළාය. ඔවුන් මධ්‍යම දකුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් පිළිගනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

2021 මැයි 20 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close