තානාපති අම්සා මැතිතුමා GCC හි මහලේකම්වරයා හමුවෙයි

තානාපති අම්සා මැතිතුමා GCC හි මහලේකම්වරයා හමුවෙයි

සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති පී. එම්. අම්සා මැතිතුමා 2022 පෙබරවාරි මස 08 වැනි දින ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) මහලේකම්  ආචාර්ය නයෙෆ් ෆලාහ් එම්. අල්. හජ්රාෆ් මැතිතුමන් රියාද්හි පිහිටි කවුන්සිල මූලස්ථානයේදී හමුවිය.

එම සුහද හමුවේ දී, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සාමාජික රටවල් සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම, රැකියා, සංචාරක සහ ආයෝජන පුළුල් කිරීමේ සිට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව දෙපාර්ශවය විසින් සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ GCC රටවල් අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අදහසින් ශ්‍රී ලංකාව සහ GCC අතර රාමුගත ගිවිසුමකට එළැඹීමේ හැකියාව සම්බන්ධව තානාපතිවරයා සහ මහලේකම්වරයා මෙහි දී ගවේෂණය කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2022 පෙබරවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close