ඩයමන්ඩ් ප්‍රින්සස් යාත්‍රාවේ සිටින එහි කාර්යමණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සුරක්ෂිතයි

ඩයමන්ඩ් ප්‍රින්සස් යාත්‍රාවේ සිටින එහි කාර්යමණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සුරක්ෂිතයි

ජපානයේ යොකොහාමාහි තිබෙන මෙම යාත්‍රාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සමීපව කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටියි. එම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින තම ඥාතීන් සමඟ නිරන්තරයෙන්ම කථා බස් කරන බවත් තානාපති කාර්යාලය දන්වා තිබේ.

මෙම මුහුදු සංචාරක නෞකාවේ සිටින පිරිස අතුරෙන් දැනට 454 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදනයට ලක් වී ඇති අතර ජපානයේ කනගාවා ප්‍රාන්තයේ රෝහල්වල ඔවුහු ප්‍රතිකාර ලබමින් සිටිති.

නෞකාවේ මගීන් බැස්සවීමට දින 14ක නිරෝධායන කාලසීමාවක් සම්පූර්ණ කිරීමට එනම් පෙබරවාරි 19 හා 20 දක්වා කාලයක් ගතකිරීමට මෙම සමාගමට සිදුවනු ඇත. කෙසේවෙතත්, අවශ්‍යතාවයට අනුව මෙම කාර්යමණ්ඩල සාමාජිකයින් තවත් කාලසීමාවක් නිරෝධායනය කිරීමට සිදුවනු ඇත.

 

විදේශ සබඳතා අමාත්‍යංශය
කොළඹ
2020 පෙබරවාරි 18 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close