ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නව කාර්යාල පරිශ්‍රය අංක ON M4P 3A1, ටොරොන්ටෝ, 01වන නැගෙනහිර එලින්ටන් මාවතේ දී උත්සවශ්‍රීයෙන් යළි විවෘත වේ

ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නව කාර්යාල පරිශ්‍රය අංක ON M4P 3A1, ටොරොන්ටෝ, 01වන නැගෙනහිර එලින්ටන් මාවතේ දී උත්සවශ්‍රීයෙන් යළි විවෘත වේ

අංක ON M4R 1A1, ටොරොන්ටෝ, 36වන බටහිර එලින්ටන් මාවතේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, අංක ON M4P 3A1, ටොරොන්ටෝ, 01වන නැගෙනහිර එලින්ටන් මාවත වෙත ගෙන යනු ලැබිණි. මෙම කාර්යාලයීය විතැන් වීම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ අපේක්ෂාවෙන් සිට ඇති අතර යෝජිත බොහෝ අවශ්‍යතා සඳහා එම නව ස්ථානය පහසුකම් සලසයි. කාර්යාලය වෙත ප්‍රවේශ වීමේ පහසුව සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරමින් මෙම කාර්යාලය එලින්ටන් උමං දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටා ඇත. කොන්සල් කාර්යාලයේ සේවය අවශ්‍ය ඕනෑම අනුග්‍රාහකයෙකුට ටොරොන්ටෝ මාර්ගස්ථ කොමිසමේ සේවා මාර්ගයෙන් ඉවත් නොවී පැමිණිය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස කටුක ශීත මාසවලදී විවිධාකාරයේ අංගවලට නිරාවරණය වීම අවම වනු ඇත. එසේ ම කොන්සල් කාර්යාලය විශාල ඉඩකඩක් සහිත සහ සුවපහසු පරිසරයක පවතින බැවින් බොහෝ සේවාදායකයින් වෙත එකවර සේවාවන් සැපයීම සඳහා මනා සූදානමකින් යුතු ව සිටී.

මෙම පියවරෙන් අනතුරුව සිංහල, දෙමළ, මුස්ලිම් සහ මැලේ යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම්වල සම්ප්‍රදායන් සහ සම්මතයන් සමරමින් චාරිත්‍රානුකූල විවෘත කිරීමේ උත්සවයක් සමඟින් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සේවා සැපයීම සඳහා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් 2021 දෙසැම්බර් මස 01වන දින නිල වශයෙන් යළි විවෘත කරන ලදි.සහයෝගිතාවය සංකේතවත් කරමින් ටොරොන්ටෝ පදිංචි ශ්‍රී ලාංකීය ප්‍රජාවේ සාමාජිකයින්  බොහෝ පිරිසක් මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය.

කැනඩාව සඳහා නම් කළ මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතා විසින් රැස්ව සිටි සියලු දෙනා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. කොන්සල් (වාණිජ) චන්දිම කිරිවන්දල මහතා විසින් විදේශ
අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මැතිඇමතිවරුන්ගේ සුබ පැතුම් පණිවුඩ කියවීම ඉන් අනතුරුව සිදු විය. ටොරොන්ටෝ හි ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් නව කාර්යාල ස්ථානය මඟින් පිරිනැමෙන වාසි බොහොමයක් පිළිබඳව කපිල ජයවීර මහතා විසින් සිය දේශනයේ දී සඳහන් කරනු ලැබීය. කොන්සල් කාර්යාලය සමඟ සමීප ව කටයුතු කරන ශ්‍රී ලාංකික ප්‍රජාවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන කුල සෙල්ලතුරෙයි මහතා මෙම ක්‍රියාදාමය පුළුල් ලෙස සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් කොන්සල් ජනරාල් කපිල ජයවීර මහතාට සහ ඊට සම්බන්ධ වූ සියලු දෙනා වෙත සිය හෘදයාංගම ප්‍රශංසාව පළ කළ අතර අනාගතයේ දී කොන්සල් කාර්යාලය සහ එහි නිලධාරීන්ගේ දායකත්වය පිළිබඳව සුබවාදී ව සහ විශ්වාසයෙන් පසුවිය.

මෙම උත්සවය සාම්ප්‍රදායික කිරිබත්, මසාලා තේ, රසකැවිලි සහ වෙනත් සාම්ප්‍රදායික ප්‍රණීත ආහාරපාන පිරිනැමීම මධ්‍යයේ පැවැත්වුණු ඉතා ප්‍රීතිමත් සහ සුභවාදී උත්සව අවස්ථාවක් විය. ශ්‍රී ලාංකීය සංස්කෘතියේ සහ උරුමයේ සියලුම අංගයන් පිළිබඳ භාවයන් ඉස්මතු කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ බොහෝ දෙනෙක් කොන්සල් කාර්යාලය පිහිටා තිබෙන නව පරිසරය බෙහෙවින් අගය කළහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ටොරොන්ටෝ

2021 දෙසැම්බර් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close