ටොරොන්ටෝ හි දී පැවති ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සනිටුහන් කිරීමේ උත්සවය

ටොරොන්ටෝ හි දී පැවති ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සනිටුහන් කිරීමේ උත්සවය

ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සැමරීම සනිටුහන් කරමින් ටොරොන්ටෝ හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් 2022 පෙබරවාරි මස 04 වන දින කොන්සල් කාර්යාල පරිශ්‍රයේදී එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් චාම් උත්සවයක් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා සහ කැනඩා රාජ්‍යයේ ජාතික ගීත වාදනය කිරීමත් සමඟ මෙම උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීය. එහිදී ජනාධිපතිතුමන්ගේ ජාතිය ඇමතීම විකාශය කෙරෙන අතරවාරයේ දී අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍යවරයා‍ගේ ජාතික නිදහස් දින පණිවුඩ කියවනු ලැබිණි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ටොරොන්ටෝ

2022 පෙබරවාරි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close