ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකික රැඳවියන් සඳහා සුබසාධන ආධාර

ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකික රැඳවියන් සඳහා සුබසාධන ආධාර

ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රදූත කටයුතු අංශය මඟින් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහනේ අංගයක් ලෙස ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මහත්මිය නොවැම්බර් 24 වන දින ශ්‍රී ලාංකික රැඳවියන් හට ඉදිරි ශීත ඍතුව සඳහා වියළි සලාක සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීම සඳහා ජුවෙයිදා රැඳවුම් මධ්‍යස්ථානය වෙත පැමිණියාය.

ශ්‍රී ලාංකික රැඳවියන්ට උපකාර කිරීම සඳහා තානාපති කාර්යාලයේ තානාපතිවරිය සහ කාර්ය මණ්ඩලය විසින් මෙම ආධාර ද්‍රව්‍ය ප්‍රදානය කරන ලදි. මෙය ශ්‍රී ලාංකික රැඳවියන් ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගන්නා තෙක් ඔවුන්ගේ සුබසාධනය සහතික කිරීම සඳහා තානාපති කාර්යාලයේ අඛණ්ඩ උත්සාහයේ කොටසකි. තානාපති කාර්යාලය මඟින් ජෝර්දානයේ අනෙකුත් රැඳවුම් මධ්‍යස්ථාන වෙත ද මෙවැනි සංචාර සම්බන්ධීකරණය කරනු ලබයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

2021 නොවැම්බර් 29  වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close