ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අරාබිකා කෝපි පිළිබඳව දැනුම්වත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරයි

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අරාබිකා කෝපි පිළිබඳව දැනුම්වත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරයි

උසස් තත්ත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ අරාබිකා කෝපි හඳුන්වාදීම සහ ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අරාබිකා කෝපි රස බැලීමේ වැඩමුළුවක්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්ජෝර්දාන කෝපි ආනයනකරුවන් සහ කෝපි අවන්හල් හිමිකරුවන් සඳහා 2022 මාර්තු 23 වැනි දින සංවිධානය කරන ලදි. මෙම වැඩමුළුවේ දී, ශ්‍රී ලාංකික අපනයනකරුවන් තිදෙනෙකු වන විස් කියෝටා කෝපි සමාගම, හින්ට් නුවරඑළිය සහ ඩීඑෆ්සී රෝස්ටර්ස් යන සමාගම්වල අරාබිකා සහ රොබස්ටා කෝපි ඇට මෙන්ම අරාබිකා කෝපි කුඩු ප්‍රදර්ශනය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මැතිනිය, ශ්‍රී ලංකාවේ තිරසාර ලෙස වගා කරන ලද අරාබිකා සහ රොබස්ටා යන කෝපි වර්ග දෙක වගා කරන ප්‍රදේශ පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළාය. බොහෝ ජෝර්දාන වැසියන් කෝපි ලෝලීන් වන බැවින්, ශ්‍රී ලංකාවේ කෝපි ශ්‍රී ලංකාව සහ ජෝර්දානය එකිනෙක සම්බන්ධ කරන ආර්ථික හා සංස්කෘතික පාලමක් බවට පත් වනු දැකීමට තමන් අපේක්ෂා කරන බව තානාපතිනිය මෙහිදී සඳහන් කළාය. සහභාගී වූ පිරිසට සංවේදී අත්දැකීමක් ලබාදීම සහ කෝපි රස බැලීමේ සැසියක් සංවිධානය කිරීමේ අරමුණින්, තානාපති කාර්යාලය විසින් කුලියට යොදා ගනු ලැබූ කෝපි සකස්කරන්නෙකු හරහා සජීවී සංදර්ශනයක් ද සමඟ මෙම ඉදිරිපත් කිරීම සිදු කරන ලදි.

මෙම අවස්ථාවට සහභාගී වූ ආනයනකරුවන්ට බදින ලද සහ නොපිසූ විශේෂිත කෝපි සාම්පල ලබා ගැනීමටත්, ප්‍රදර්ශනයට තබා තිබූ කෝපි ඇටවල රස බැලීමටත් අවස්ථාව උදා විය. ශ්‍රී ලංකාව උසස් තත්ත්වයේ අරාබිකා කෝපි ඇට අපනයනකරුවෙකු ලෙස විදහා දැක්වීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ කෝපි අපනයනකරුවන් භාවිතා කරන අගය එකතු කළ ඇසුරුම් ප්‍රදර්ශනය කිරීම සඳහා ද මෙම උත්සවය සංවිධානය කරන ලදි. ඉන් සමහරක් වෑල්ව සහිත කෝපි ඇසුරුම්, ඔක්සිජන් හා තෙතමනය රඳවා ගන්නා ඊයම් ඇසුරුම් සහ සුවඳ-රඳවා තබා ගන්නා කැනිස්ටරවලින් සමන්විත වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

2022 අප්‍රේල් 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close