ජෙඩා හි ශ්‍රී ලංකා නව කොන්සල් ජනරාල්වරයාගේ තම ධූරයේ රාජකාරි අරඹයි

 ජෙඩා හි ශ්‍රී ලංකා නව කොන්සල් ජනරාල්වරයාගේ තම ධූරයේ රාජකාරි අරඹයි

සෞදි අරාබි රාජධානියේ ජෙඩා සඳහා නම් කළ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් එස්.එම්. ෆලා අල්හබ්ෂි මව්ලානා මහතා 2022 මාර්තු 1 වැනි දින ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී, එම දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද චාම් උත්සවයක් අතරතුරදී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

දූත මණ්ඩලයට සපැමිණි නම් කළ කොන්සල් ජනරාල්වරයා සහ එතුමාගේ භාර්යාව, දූත මණ්ඩලයේ උපදේශක ටී.එෆ්.එම්. ආෂික් මහතා විසින් පිළිගන්නා ලදි.

සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව,  නම් කළ කොන්සල් ජනරාල්වරයා සිය කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. අනතුරුව සිය කාර්ය මණ්ඩලය ඇමතූ  නම් කළ කොන්සල් ජනරාල්වරයා සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම, ආයෝජන සහ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම හා සබැඳි තම ඉලක්ක ඉදිරිපත් කළේය.

ඔහු සිය වත්මන් නිලය සඳහා පත්වීමට පෙර, ප්‍රධාන සමාගම්වල විවිධ තනතුරුවල සේවය කොට ඇත.

 

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ජෙඩා

2022 මාර්තු 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close