ජිනීවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ සේවා වනිතා ඒකකය කොවිඩ්-19 වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

 ජිනීවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ සේවා වනිතා ඒකකය කොවිඩ්-19 වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

ජිනීවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ විවාහක අයවලුන්ගෙන් සමන්විත සේවා වනිතා ඒකකය විසින් විවිධ අරමුදල් රැස් කිරීමේ ක්‍රියාකාරකම් හරහා  මුදල් රැස් කොට, කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල භාවිතයට ගැනීමට ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 8 ක් පරිත්‍යාග කරන ලදී.

කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී මෙම පරිත්‍යාගය ප්‍රදානය කෙරිණි. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා වෙත භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය භාර ගත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, ශ්‍රී ලංකාව තුළ පවත්නා කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමට දූත මණ්ඩල සාමාජිකයන් සහ විවාහක අයවලුන් දරන උත්සාහය අගය කළේ ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 නොවැම්බර් 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close