ජාත්‍යන්තර මානූෂීය නීතිය හා මානූෂීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති සාර්ථකත්වය හා එහි දී හමු වූ අභියෝග පිළිබඳ වටිනා සිද්ධි අධ්‍යයන ශ්‍රී ලංකාව ලබා දී තිබේ - විදේශ ලේකම් ආර්යසිංහ මහතා

ජාත්‍යන්තර මානූෂීය නීතිය හා මානූෂීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති සාර්ථකත්වය හා එහි දී හමු වූ අභියෝග පිළිබඳ වටිනා සිද්ධි අධ්‍යයන ශ්‍රී ලංකාව ලබා දී තිබේ – විදේශ ලේකම් ආර්යසිංහ මහතා

IHL Conference - Pix 1-min

ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) හා මානුෂීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති සාර්ථකත්වය හා එසේ ක්‍රියාත්මක කිරීමේ දී හමු වූ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාව පසුගිය දශක හතරක් පුරා ලෝකයට වටිනා සිද්ධි අධ්‍යයන ලබා දී ඇති බවත් බොහෝ දේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) වටිනා හවුල්කරුවෙකු වී තිබෙන බවත් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ප්‍රකාශ කළේය.

විදේශ ලේකම්වරයා විසින් මෙසේ ප්‍රකාශ කරන ලද්දේ, කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව, ශ්‍රී ලංකා රජය සමඟ එක්ව 2019 නොවැම්බර් 11-13 දිනවලදී කොළඹ, ගෝල් ෆේස් හෝටලයේ දී, සංවිධානය කරන ලද ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) - "ජාත්‍යන්තර මානුෂීය නීතිය ක්‍රියාත්මකව පවතියි: වැළැක්වීම හා ආරක්ෂාව පිළිබඳ විස්තරයක්", සම්බන්ධයෙන් 9 වැනි දකුණු ආසියානු කළාපීය සමුළුවේ  ආරම්භක  ප්‍රකාශය සිදු කරමිණි. මෙහි ප්‍රධාන දේශනය නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පවත්වන ලද අතර ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත ප්‍රධානි ලූකස් පෙට්‍රිඩිස් මහතා සහ ජිනීවා හි ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ උපදේශන සේවා ප්‍රධානී විසින් මෙම හමුව අමතන ලදී. මෙම සමුළුවට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, නේපාලය, මාලදිවයින, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල රාජ්‍ය නියෝජිතයෝ සහභාගී වෙති.

1989 වසරේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමඟ ගිවිසුමට අත්සන් තැබීම මඟින් ශ්‍රී ලංකාව බොහෝවිට ජාත්‍යන්තර මානුෂීය නීතියට ජාත්‍යන්තර වශයෙන් එකල දැක්වූ ඇප කැපවීම පිළිබිඹු වනු ඇතැයි ආර්යසිංහ මහතා ප්‍රකාශ කළේය. "ආරක්ෂාව" උදෙසා ජාත්‍යන්තර මානුෂීය  නීතියේ ඇප කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම්වලට, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට ආහාර සැපයුම හා වසර 30කට ආසන්න කාලයක් පුරා බෙදුම්වාදී ත්‍රස්තවාදී ගැටුම පැවති අවධියේ දී ත්‍රස්තවාදීන් සිටි ප්‍රදේශ ද ඇතුළු ප්‍රදේශවල ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන 100%කින් ආවරණය කිරීම අයත් වෙයි. 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යවසනයේ දී ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම, පශ්චාත් ගැටුම් සමයේ දී බිම්බෝම්බ ඉවත් කිරීම හා නැවත පදිංචි කිරීම, අතුරුදන් කරවීමේ ගැටලුවට විසඳුම් ලබා දීමේ ප්‍රයත්න හා ඉන් අනතුරුව අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ (OHP) වැඩකටයුතු, අප රටේ සියලුම රැඳවුම් ස්ථානවලට බාධා රහිත ප්‍රවේශයක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට ලබාදීම සහ පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාවේ ස්ථානගත කොට තිබූ සරණාගතයින්ගේ සහ රැකවරණය පතන්නන්ගේ අභිලාෂයන් ආරක්ෂා කිරීම අනෙකුත් ඇප කැපවීම් අතර වෙයි.

මීට අමතරව, ගැටුමේ විනාශකාරී බලපෑම් වැළැක්වීම හා අඩු කිරීම සම්බන්ධයෙන් හා නිරායුධකරණය හා න්‍යෂ්ටික අවි ගුණනය නොකිරීම යන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හා  2015 සමහර න්‍යෂ්ටික නොවන අවි (CCW) පිළිබඳ සම්මුතියේ රාජ්‍ය පාර්ශ්ව රැස්වීමේ සහභාගීත්වය දැරූ මෑත කාලයේ දී මාරාන්තික ස්වයංක්‍රීය අවි පද්ධති (LAWS) පිළිබඳ රාජ්‍ය මට්ටමින් සාකච්ඡාවල නියැලීමට එකඟතාවයකට එළඹීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය උපදේශන ලබාදෙමින් පෙරමුණ ගෙන තිබුණි. එහි කේන්ද්‍රීය ගාමක බලය ලෙස අර්ථවත් මානව පාලනයක් සහිත නියාමක ධර්ම සඳහා විධිවිධාන සපයන, බැඳීම් ඇතිකරන  නෛතික රාමුවක් පිළිබඳ සාකච්ඡා අවධාරණය කරන අතරවාරයේ, ජාතික වශයෙන් තාවකාලික තහනම් පනවමින්, වහා පියවර ගැනීම සඳහා මෙම අවි සකසන ලෙස, ශ්‍රී ලංකාව හැකියාවක් ඇති රටවල් දිරිගන්වීය.

1957 සිට ලොව පුරා සිදුකළ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදාවන්ගේ සහභාගීත්වය තුළින්, ආරක්ෂාව සහ නිවාරණය පිළිබඳ මානුෂීය දැක්ම ද ශක්තිමත් වී ඇති බව ලේකම්වරයා සඳහන් කළේය. ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ පැවති අඩු හා ඉහළ තීව්‍රතාවයකින් යුත් ගැටුම් සම්බන්ධයෙන් මෑත කාලීනව ශ්‍රී ලංකාව ලබා සිටින අත්දැකීම් පිළිබඳව සලකා බලන කල,  ශ්‍රී ලංකාව විසින් යවන ලද භටයින්ගේ සාම සාධක කටයුතු සහ මානුෂීය ආධාර සැපයීම පිළිබඳ සෑම අංශයක් සම්බන්ධයෙන්ම පුළුල් වෘත්තීය පළපුරුද්ද, ඉතා මෑතක දී මාලිහි දී මෙන්ම ගෙවී යන සෑම දිනයක් පාසාම පිළිබිඹු කෙරෙන අතර, එය සමඟ ගුණාත්මකව ගැලපීමට හැකි වන්නේ රටවල් කිහිපයකට පමණි.

ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ මූලධර්ම, 1940 ගණන්වල ජිනීවා සම්මුතීන් මුලින් සකස් කරන ලද සමයට වඩා, ප්‍රවේගකාරී, නවීන හා බහුවිධ ස්වරූපයෙන් සිදුවන වර්තමාන සන්නද්ධ ගැටුම්වල සන්දර්භය තුළින් අවබෝධ කර ගත යුතු බව ආර්යසිංහ මහතා පැවසීය. අතීතයේ දී මෙන් නොව, වර්තමානයේ දී සිදුවන සටන්, සාම්ප්‍රදායික යුධපිටිවල සිට නාගරික පරිසර දක්වා පැමිණ ඇති, බොහෝ දුරට සාමාන්‍යයෙන් වඩාත් දිග්ගැස්සුනු, වැඩි වශයෙන් රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් සම්බන්ධ වන, ජාත්‍යන්තර මානුෂීය නීතියෙහි සන්දර්භය තුළ ආරවුලක් බවට පත් වී ඇති පිළිගත හැකි මට්ටමින් මිනිසුන්ට එදිරිව යන්ත්‍ර යෙදවීම මඟින් පාලනය කිරීම පිණිස මාරාන්තික ස්වයංක්‍රීය අවි පද්ධති (LAWS) වැනි නව තාක්‍ෂණයන් භාවිතා කරමින් සිදු කෙරෙන අභ්‍යන්තරික සන්නද්ධ ගැටුම් වන අතර, සන්නද්ධ ගැටුම් පිළිබඳ සමානුපාතිකත්වයේ මූලධර්ම, ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය පිළිබඳ සංකල්පය, ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ඔවුන්ගේ නීතිමය බැඳීම් පිළිපැදීමට‍ රාජ්‍යයන්‍ට සහ සන්නද්ධ කණ්ඩායම්වලට ඇති ප‍්‍රායෝගික හැකියාව පිළිබඳ ගැටලු ද විශාල වශයෙන් විවාදාත්මකය. රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් අතර සමානාත්මතාවය පිළිබඳ ගැටලුව සහ ජාත්‍යන්තර නොවන සන්නද්ධ ගැටුම්වල දී (NIACS) ජාත්‍යන්තර මානුෂීය නීතිය අදාළ කර ගත හැකි ද යන්න, සියලු පාර්ශ්වයන් විසින් ජාත්‍යන්තර මානුෂීය නීතියට පූර්ණ ලෙස අනුකූල වීම සහතික කිරීම සඳහා තවදුරටත් බරපතල බාධාවන්ව පවතී.

ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ දෘෂ්ටිකෝණයන් සහ විවිධ සන්දර්භයන් තුළ එය භාවිතා කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන සාර්ථකත්වයන් හා අභියෝගයන් උපදේශාත්මක ලෙස අනුනාද විය යුතු බව ලේකම් ආර්යසිංහ මහතා සහභාගී වූවන්ට පැවසීය. “අන්තර්ජාතික රතුකුරුස කවුන්සිලය සිය කාර්යයන්හි ‘මධ්‍යස්ථභාවය’ ප්‍රශංසනීය ලෙස සහතික කර ඇති බව” සඳහන් කළ ඔහු, “ජාත්‍යන්තර මානුෂීය නීතිය භාවිත කිරීම දේශපාලනීකරණය කිරීම පිළිබඳව සැවොම සැලකිලිමත් වන ලෙස” ඉල්ලා සිටියේය. කිසිදු විසඳුමක් සියලු තත්වයන් සඳහා නොගැලපෙන අතර, ගැටුම්කාරී තත්වයක් තක්සේරු කිරීම පිළිබඳ නිවැරදි සමබරතාවය සොයා ගැනීමේ දී, දේශීය සංවේදීතාවන් සහ සියුම් වෙනස්කම් සැලකිල්ලට ගත යුතුය. බොහෝ රටවල් විසින් “දේශපාලනික නොවන හා රටවල් අතර විශිෂ්ඨ පරිචයන් හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සපයන, සෞඛ්‍ය සම්පන්න සංවාදයක් පවත්වා ගැනීම පිණිස, ‘නම් කිරීම හා ලජ්ජා කිරීම’ වළක්වා ගන්නා ලෙස” ඉල්ලා සිටින ලද, ජිනීවා සම්මුතීන් පිළිබඳ ඉහළ මට්ටමේ ගිවිසුම්කාර පාර්ශ්ව අතර 32 වැනි රැස්වීමේ තීරණයෙන් අනතුරුව, දැනට සිදුකෙරෙන සාකච්ඡාවල දී ඉහත කරුණ පිළිබඳව ප්‍රධාන අවධානයක් යොමුකොට ඇත. මානුෂීය රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල නිරතවීම සහ මානව දුක් වේදනා ලිහිල් කිරීම  සඳහා මෙය අපගේ සියලු රටවලට වඩා හොඳ සේවාවක් ලබා දෙනු ඇතැයි ද ඔහු පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 නොවැම්බර් 12 වැනි දින

IHL Conference - Pix 2-min

Print Friendly, PDF & Email
Please follow and like us:

Close