ජාත්‍යන්තර ගෘහ සේවක දිනය - 2022

ජාත්‍යන්තර ගෘහ සේවක දිනය – 2022

ජාත්‍යන්තර ගෘහ සේවක දින සැමරුම 2022 ජුනි මස 19 වැනි ඉරිදා දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ලෙබනනයේ ශ්‍රී ලංකා කාන්තා සංගමය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම සැමරුම් අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ලෙබනන් සිරියා දෙරටේ තානාපති අතිගරු ශානි කල්‍යාණරත්න කරුණාරත්න මැතිණිය සහභාගි වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) නියෝජනය කරමින් එහි සංක්‍රමණික අංශයේ සම්බන්ධීකාරක කායා බැල්ට්මන්  මහත්මිය විශේෂ අමුත්තෙකු වශයෙන් සහභාගි විය.

ලෙබනනයේ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ ගරු සභාපති චම්පි සිල්වා මහත්මියගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මැතිණිය සහ  කායා බ්ලැට්මන් (Kaja Blattmann) මහත්මිය ‘රටක ආර්ථික ස්ථාවරත්වය හමුවේ සංක්‍රමණික ගෘහ සේවකයින්ගේ වගකීම හා දායකත්වය’ යන මැයෙන් අගනා දේශන දෙකක් පැවැත්වූහ.

නාට්‍ය, ගීත ගායනා, නැටුම්, කවි ගායනා සහ තවත් විවිධ අංග කිහිපයකින් මෙම උත්සව අවස්ථාව වර්ණවත් වූ අතර උත්සවය අවසානයේ පැමිණි සිටි පිරිස වෙත ශ්‍රී ලාංකික රස කැවිලිවලින් සමන්විත ආහාර වේලක්ද පිරිනැමිණි.

ලෙබනනයේ ශ්‍රී ලංකා කාන්තා සංගමය, රත්නදීප ජාත්‍යන්තර සංක්‍රමණික මණ්ඩලය, රටවිරු පදනම, එක්සත් ජනතා සංගමය, සිහ සේනා සංවිධානය සහ ශිල සමාධි සදහම් එකමුතුව නියෝජනය කරමින් එහි සාමාජික සාමාජිකාවන් මෙන්ම ලෙබනනයේ සහ සිරියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය සංක්‍රමණික ප්‍රජාව ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ලෙබනනය

2022 ජුනි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close