- 2025 සැප්තැම්බර් 27 වැනි දින සිට 30 වැනි දින දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නිරත වන නිල සංචාරයේදී, ජපාන අග්‍රාමාත්‍ය ඉෂිබා ෂිගේරු මහතාව ටෝකියෝ නුවරදී හමුවිය.
- ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කරමින්, දෙරට අතර ස්ථාපිත කර ඇති ගැඹුරු සහ පුළුල් විස්තීර්ණ හවුල්කාරිත්වයේ රාමුව යටතේ ආරක්ෂාව, ආර්ථිකය, ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට දෙපාර්ශ්වයටම ඇති අරමුණ පිළිබඳව නැවත තහවුරු කළහ.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන (IMF) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමන් මග පිළිබඳව අගමැති ඉෂිබා මහතා සිය ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සඳහා ජපානය අඛණ්ඩව සහයෝගය දක්වන බව යළි අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට හැකි වන පරිදි, නිල ණයහිමි කමිටුවේ (OCC) සම සභාපතිවරයෙකු ලෙස ජපානය ලබා දුන් නායකත්වයට හා මෙම වසරේ මාර්තු මාසයේදී නිල ණයහිමි කමිටුවේ සාමාජික රටක් සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් අවසන් කළ පළමු නිල ණයහිමි කමිටුවේ සාමාජිකයා ජපානය වීම සම්බන්ධයෙන් ජනාධිපති දිසානායක මහතා ස්තුතිය පළ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන යටතේ විවිධ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් යථා තත්ත්වයට පත් වන බවට දෙපාර්ශ්වයම පිළිගන්නා ලදී. ණය තිරසරභාවය සහ විනිවිදභාවය සැලකිල්ලට ගනිමින් විදේශ ණය ලබා දීමේ වැදගත්කම දෙපාර්ශ්වයම තහවුරු කළහ.
- 2024 වසරේදී, අනෙකුත් ණයහිමි රටවලට පෙර, පෙර අත්සන් කර තිබූ යෙන් ණය ව්‍යාපෘති 11 ක් නැවත ආරම්භ කිරීම ඇතුළුව ජපානය ලබා දුන් අඛණ්ඩ සහයෝගයට ජනාධිපති දිසානායක මහතා කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ශක්තිමත් කිරීමට සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට දායක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ (අදියර 2) ලංසු තැබීම නැවත ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ අතර, අදාළ ක්‍රියාවලිය ඉක්මනින් නිම කිරීම සඳහා දෙරට අතර ඇති කැපවීම තහවුරු කළේය. සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සහ භෞමික රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීම ඇතුළුව දැනටමත් පවතින යෙන් ණය ව්‍යාපෘති ස්ථාවරව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද දෙපාර්ශ්වයම තහවුරු කළහ.
- කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, කිරි අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයේ ප්‍රදාන ආධාර සම්බන්ධයෙන් වන හුවමාරු පත්‍ර අත්සන් කිරීම සහ හුවමාරු කර ගැනීම දෙපාර්ශ්වයම පිළිගත්හ. ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික සංවර්ධනය සඳහා, කොළඹ වැනි ප්‍රධාන නගරවල නාගරික ගමනාගමනය විධිමත් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රවාහන විසැඳුම් සංවර්ධනය කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම තහවුරු කළහ.
- "අපනයන-පදනම් කරගත් කාර්මික කොරිඩෝවක් ගොඩනැගීම" පිළිබඳ සංකල්පීය සැලැස්ම මත පදනම්ව ජපන් ආයෝජන සමඟ අපනයනය ශක්තිමත් කිරීමට සහ වැඩි දියුණු කිරීමට ඇති ක්‍රම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා කර්මාන්ත සහ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ හැකියාවන් ඒකාබද්ධව ගවේෂණය කරන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය නැවත ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ. වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයේ ඇති සැලකිය යුතු අවස්ථාව දෙපාර්ශ්වයම සඳහන් කළ අතර විනිවිදභාවය, පුරෝකථනය කිරීමේ හැකියාව සහ වෙනස් කොට සැලකීමකින් තොරව සැලකීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම තහවුරු කළහ. ඒ අනුව, කාර්තුමය පදනමක් මත පැවැත්වීමට නියමිත ව්‍යාපාර පරිසරය පිළිබඳ ජපන්-ශ්‍රී ලංකා කමිටුව මෙම වසරේ අගෝස්තු මාසයේදී දියත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම ප්‍රසාදය පළ කළහ.
- වත්මන් රජය තේරී පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික පරිසරයේ ඇතිවෙමින් පවතින ගුණාත්මක වෙනස පිළිබඳව ජනාධිපති දිසානායක මහතා අදහස් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ පවතින අවස්ථා ගවේෂණය කර ඉහළ විභවයක් ඇති අංශ කිහිපයක ආයෝජනය කරන ලෙස ඔහු ජපන් සමාගම්වලට ආරාධනා කළේය.
- ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ නිවාරණ හැකියාවන් වැඩි දියුණු කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම තහවුරු කළහ. මෙම දෘෂ්ටිකෝණයෙන්, ශ්‍රී ලංකාව සඳහා වන පළමු නිල ආරක්ෂණ ආධාර ව්‍යාපෘතිය (OSA) හරහා සමුද්‍රීය නිරීක්ෂණ සහ ආපදා සහන හැකියාවන් වැඩි දියුණු කිරීමට අදාළව දියුණු මිනිසුන් රහිත ජපන් ගුවන් වාහන (UAV) සැපයීම දෙපාර්ශ්වයම පිළිගත්හ.
- ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ (JMSDF) යාත්‍රා මගින් වරාය ඇමතුම් (Port calls) සහ JMSDF සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ඒකාබද්ධ අභ්‍යාස හරහා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවයේ ස්ථාවර ප්‍රගතිය දෙපාර්ශ්වයම අගය කළහ. මෙම වසරේ මැයි මාසයේදී ජපාන ආරක්ෂක අමාත්‍ය නකතානි ජෙන් ශ්‍රී ලංකාවට කළ සංචාරයේදී, දෙවන ජපන්-ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය කැඳවීම පිළිබඳව තීරණයක් ගන්නා ලද අතර, දෙරට අතර මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඇති කැපවීම දෙපාර්ශ්වයම තහවුරු කළහ.
- දූෂණය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න සඳහා ජපානය අඛණ්ඩව සහයෝගය දැක්වීමට අදහස් කරන බවට අග්‍රාමාත්‍ය ඉෂිබා මහතා ප්‍රකාශ කළේය. ගැටුම්වලින් පීඩාවට පත් වූ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රජාවන්ගේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ වැදගත්කම ගැන දෙපාර්ශ්වයම තහවුරු කළහ. ජාතික සංහිඳියාව සහ සමාජ-ආර්ථික සංවර්ධනය සමීපව අන්තර් සම්බන්ධිත බව මතක තබා ගනිමින්, උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජපානයේ සහයෝගය අඛණ්ඩව ලබා දීමේ කැපවීම අග්‍රාමාත්‍ය ඉෂිබා මහතා නැවත තහවුරු කළේය.
- ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු වන ජපානය විසින් ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට අඛණ්ඩව ලබා දෙන සහය පිළිබඳව ජනාධිපති දිසානායක මහතා කෘතඥතාව පළ කළේය. බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ජපානයේ සහාය, “බිම්බෝම්බ බලපෑම්වලින් තොර ශ්‍රී ලංකාවක්” යන සමස්ත ඉලක්කයට සැලකිය යුතු දායකත්වයක් සපයන බවත්, ජාතික සංහිඳියාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන බවත්, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ප්‍රජා බලගැන්වීම සහ පශ්චාත් ගැටුම් සමතයකට පත්වීම සඳහා සහාය වන බවත් පිළිගැනුණි.
- දෙපාර්ශ්වයම කුසලතා පූර්ණ මානව සම්පත් ඇතුළුව ජනතාව - ජනතාව අතර හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සාකච්ඡා කළ අතර, දෙරට අතර භාෂා අධ්‍යාපනය, සංස්කෘතිය සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එකඟ වූහ. අන්‍යෝන්‍ය සංස්කෘතික අවබෝධය වර්ධනය වීම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවයම පිළිගත් අතර මේ සම්බන්ධ ප්‍රයත්න ඉදිරියට ගෙන යෑමේ රජයන් දෙකෙහිම අභිප්‍රාය නැවත තහවුරු කළහ.
- අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ. නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පිළිබඳ ජපානයේ දැක්ම තුළ කලාපය තුළ ජපානයේ වැදගත් කාර්යභාරය පිළිබඳව නැවත අවධාරණය කරමින්, රීති මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙල ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩ සහයෝගීතාවේ අවශ්‍යතාව දෙපාර්ශ්වයම නැවත තහවුරු කළහ. බහුපාර්ශ්විකත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සහයෝගයද දෙපාර්ශ්වයම නැවත අවධාරණය කළහ.
- සමුද්‍රීය ජාතීන් ලෙස, දෙපාර්ශ්වයම සාමය, ස්ථාවරත්වය, ආරක්ෂාව සහ නාවික කටයුතු සහ ගුවන් ගමන් නිදහස පවත්වා ගැනීමේ වැදගත්කම නැවත තහවුරු කරන ලදී. එසේම, ස්ථාවර හා සාමකාමී ජාත්‍යන්තර සමුද්‍රීය පිළිවෙලක් පවත්වා ගැනීම සඳහා 1982 එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය පිළිබඳ සම්මුතියෙන් (UNCLOS) පිළිබිඹු කරන ජාත්‍යන්තර නීතියට ගරු කිරීමේ සහ පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කළහ.
- ධනාත්මක ලෙස අන්තර් රාජ්‍ය සාකච්ඡා සඳහා සම්බන්ධ වීම තුළින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මුල් ප්‍රතිසංස්කරණයක් සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාව දෙපාර්ශ්වයම නැවත අවධාරණය කළහ. ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වයක් ලබා ගැනීම සඳහා ජපානය ගත් උත්සාහයට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව අගමැති ඉෂිබා සිය කෘතඥතාව පළ කළේය.
- ගෝලීය න්‍යෂ්ටික නිරායුධකරණයේ සහ ප්‍රගුණනය නොකිරීමේ මූලිකාංගය ලෙස න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) පවත්වාගෙන යෑමේ සහ ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම නැවත තහවුරු කරන ලදී. එසේම දෙපාර්ශවයම මෙම ක්ෂේත්‍රය තුළ එක්ව කටයුතු කිරීමට ඒකාබද්ධව අධිෂ්ඨාන කරගෙන සිටිති. මෙම සන්දර්භය තුළ, අග්‍රාමාත්‍ය ඉෂිබා මහතා විශේෂයෙන් ශ්‍රී ලංකාව විස්තීර්ණ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුම 2023 දී අපරානුමත කිරීම සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අතිරේක ප්‍රොටෝකෝලයේ වැදගත්කම පිළිබඳව සඳහන් කළේය.
- ජපානයේ කන්සායි, ඔසාකා හි පැවැති එක්ස්පෝ 2025 (EXPO 2025) සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව සහභාගී වීම සහ ශ්‍රී ලංකාවේ ජාතික දින සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති දිසානායක මහතාගේ පැමිණීම පිළිබඳව අගමැති ඉෂිබා මහතා සිය ප්‍රසාදය පළ කළේය. සංචාරයේ අනිවාර්ය අංගයක් ලෙස ඔසාකා සහ ටෝකියෝ හි පැවැත්වෙන ඉහළ මට්ටමේ ව්‍යාපාරික උත්සව දෙකක් ඇතුළුව ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධාරණය කිරීම දෙපාර්ශ්වයම පිළිගත්හ.
- සංචාරය අතරතුරදී ලබා දුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති දිසානායක මහතා අග්‍රාමාත්‍ය ඉෂිබා මහතාට සහ ජපාන ජනතාවට අවංක කෘතඥතාව පළ කළේය.
Please follow and like us:


