ජපාන ශ්‍රී ලංකා  ආයෝජන සහ අපනයන වැඩි දියුණු කරන වෙබිනාර් සාකච්ඡා තුනක් ඉකුත් දා පැවැත්විණ

ජපාන ශ්‍රී ලංකා  ආයෝජන සහ අපනයන වැඩි දියුණු කරන වෙබිනාර් සාකච්ඡා තුනක් ඉකුත් දා පැවැත්විණ

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය, ඇඟලුම් ආහාර ඇතුළු විවිධ අංශ සමග ජපානයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම සදහා වු වෙබිනාර් සාකච්ඡාවක් ඉකුත් දා පැවැත්විණ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානය වෙත කෙරෙන අපනයනය සහ ශ්‍රී ලංකාවේ ආයෝජනය ඉහළ නැංවීම සඳහා, ජපාන ආයෝජකයින් 220 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුතුව පැවති මෙම වෙබිනාර් සාකච්ඡාවට ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ (SLIF) පළමු අතථ්‍ය, රටට විශේෂිත සැසිය ඇතුළුව, මාර්ගගත ප්‍රවර්ධන වැඩසටහන් 3 ක් ඇතුලත් විය.ජපාන ශ්‍රී ලංකා අතථ්‍ය කුටියට සහභාගී වීම සඳහා මෘදුකාංග, ඖෂධ, කෘෂිකාර්මික හා නිෂ්පාදන ඇතුළු අංශ ගණනාවක විභව ආයෝජකයින් 220කට අධික සංඛ්‍යාවක් මෙම දූත මණ්ඩලය ආකර්ශය කර ගත්තේය. මෙම සැසිවාරයේ ප්‍රධාන කථිකයින් අතර ජපානයේ සහ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා, ජපාන-නොරිටාකෙ සමාගමේ සභාපතිවරයා, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා, ජෙට්රෝ හි රටේ අධ්‍යක්ෂකවරයා, ඩොක්යාර්ඩ් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිවරයා සහ එක්ස්පෝ ලංකා පුද්ගලික සමාගමේ සභාපතිවරයා ඇතුළත් විය. ජපාන ආර්ථික වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) සහ ජපාන ජාත්‍යන්තර කර්මාන්ත සහයෝගිතාවයේ (JICA) නිලධාරීන් තොරතුරු ලබාදුන් සැසිය සහ අනාගත ආයෝජකයින්ගෙන් ලද යහපත් ප්‍රතිචාර පිළිබඳව සුබ පැතුම් එක් කළේය. ශ්‍රී ලංකාවේ ජයිකා හි ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමඩා මහතා, “බොහෝ ප්‍රයෝජනවත් තොරතුරු ලබා දුන් ආයෝජන සංසදයේ සාර්ථකත්වය සඳහා සුබ පතන අතර, ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයින්ගේ පවත්නා කැමැත්ත මට දැනුණි.” යයි පැවසීය.

ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය, ප්‍රධාන වාණිජ මණ්ඩල දෙකක් වන ජාතික අපනයන මණ්ඩලය (NCE) සහ ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, එක් එක් වාණිජ මණ්ඩල නියෝජනය කරමින් එක් එක් වෙබිනාර් සැසිවාරය සඳහා ශ්‍රී ලාංකික අපනයනකරුවන් 60 කට අධික පිරිසක් සහභාගී වූ වෙබිනාර් සාකච්ඡා දෙකක් සඳහා ද පහසුකම් සලසා තිබිණ.

මෙම සම්මන්ත්‍රණ දෙකෙහි දීම අදහස් දක්වමින්, තානාපතිවරයා අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා දූත මණ්ඩලය විසින් දැනට සපයනු ලබන පරිවර්තනය කිරීමේ හා පිටපත් කිරීමේ සේවා සහ අනාගත ගැනුම්කරුවන් වෙත යැවීමට පෙර ඇසුරුම්කරණයේ සහ ලේබල් කිරීමේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන් පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබාගැනීම වැනි සේවාවන් කිහිපයක් පිළිබඳව ඉස්මතු කළේය. ජපාන වෙළඳපොළට පිවිසීමට කැමති අපනයනකරුවන්ට මෙම දූත මණ්ඩලය උද්යෝගයෙන් යුතුව සහාය වන බවත්, අවශ්‍ය ඕනෑම සහායක් සඳහා දූත මණ්ඩලය හා සම්බන්ධ වන ලෙසත් තානාපතිවරයා රැස්ව සිටි පිරිසට දැනුම් දුන්නේය. ප්‍රශ්නෝත්තර සැසියේ දී සහභාගිවූවන් තානාපතිවරයා සමඟ අන්තර් ක්‍රියාකාරී ලෙස කටයුතු කළ අතර, ජපානයට වෙළඳපල ප්‍රවේශය පිළිබඳව ලබාගත් වටිනා දැනුම අගය කළහ.

පළමු ලේකම් (වාණිජ) විසින් ජපන් වෙළඳපොළ, තීරුබදු සහ තීරුබදු නොවන තත්ත්වය සහ වෙළඳපොළට පිවිසීමේ උපාය මාර්ග පිළිබඳව මෙම වෙබිනාර් සාකච්ඡා දෙකෙහි දීම ඉදිරිපත් කිරීමක් කරන ලදි .

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2021 ජූනි 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close