ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔසාකා හි දී සාර්ථක ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔසාකා හි දී සාර්ථක ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි

ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජුනි මස 25 වන සෙනසුරාදා දින ඔසාකා හි පිහිටි උමේදා ස්කයි ගොඩනැගිල්ලේ දී ජංගම කොන්සියුලර් සේවාවක් පැවැත්වීය. විදෙස් ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර අලුත් කිරීම්, දිවුරුම් ප්‍රකාශ සහතික කිරීම් සහ වෙනත් කොන්සියුලර් සේවාවන් ගණනාවක් ඇතුළත් වූ මෙම ජංගම සේවාව හරහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 50 කට වැඩි පිරිසක් ප්‍රතිලාභ ලැබීය.

මෙම ජංගම සේවාව පෙරවරු 09.30 සිට පස්වරු 4.00 දක්වා ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විවෘතව පැවතුණි. ඔසාකා, හියෝගෝ, නගොයා, නරා සහ කියෝතෝ සහ අයිචි ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව මෙමඟින් සේවාවන් ලබා ගත්හ.

මෙම ජංගම සේවාව සඳහා දූත මණ්ඩලයේ අමාත්‍ය උපදේශකවරයා සහ කොන්සියුලර් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ. ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2022 ජුලි 04 වෙනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close