ජපානයේ දීත් මිහින්තලා අනුරුවක් ඉදි වෙයි

ජපානයේ දීත් මිහින්තලා අනුරුවක් ඉදි වෙයි

තානාපතිවරයා ජපානයේ ඉබාරකි ප්‍රාන්තයේ සුකුබා ශ්‍රී සම්බුධාලෝක විහාරයේ  ඉදිකරන ලද මිහින්තලාවේ අනුරුවක් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා අතින් පසු ගිය පොසොන් පෝදා විවෘත කරනු ලැබීය.විහාරස්ථානයේ දායක පිරිස හා ජපාන ජාතිකයින් පිරිසක් විසින් මෙම මිහින්තලා අනුරුව ඉදි කර තිබුණි.මේ අතර  පොසොන් උත්සවය සැමරීම සඳහා තානාපතිවරයා ටෝකියෝ හි හචියෝජි විහාරස්ථානය වෙත ගිය අතර,ටෝකියෝ හි හචියෝජි විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තානාපතිවරයා අතින්  පාලි උපාධිධාරීන්ගේ පළමු කණ්ඩායම සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරිමක්ද සිදු විය. ටෝකියෝ හි හචියෝජි බෞද්ධ විහාරස්ථානයේ සිට සජීවීව විකාශය වූ අතිපූජ්‍ය මහාචාර්ය බොකල්නරුවේ දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද පොසොන් ධර්ම දේශනා වැඩසටහනක් සඳහා ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය අනුග්‍රහය දැක්වීය. දූත මණ්ඩලය විසින් ජපානය අවට ශ්‍රී ලාංකික විහාරස්ථාන සමඟ භක්ති ගී වැඩසටහන් සංවිධානය කොට සම්බන්ධීකරණය කරන ලදි. මෙම දූත මණ්ඩලය පළමු වරට ජපානයේ විවිධ ප්‍රදේශවල පිහිටි දහම් පාසල් පහක ළමුන් විසින් ගායනා කරන ලද භක්ති ගීත සජීවීව විකාශය කළේය. ටෝකියෝ හි දූත මණ්ඩල කාර්ය මණ්ඩලය විසින් ගායනා කරන ලද කෙටි භක්ති ගීත සැසියකින් මෙම වැඩසටහන අවසන් කෙරිණ.

මහාබෝධි සමිතියේ සභාපති, ජපානයේ සංඝ නායක සහ සවර ලංකාගි විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය බානගල උපතිස්ස මහානායක ස්වාමීන්වහන්සේ ද මෙම පොසොන් වැඩසටහන සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2021 ජුනි මස 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close