මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජූලි 28 සිට 30 වැනි දින දක්වා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇත.
මෙම සංචාරය අතරතුර, ජනාධිපති දිසානායක, ජනාධිපති මුයිසු මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, අපගේ අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිතය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට අදාළව එළැඹෙන 60 වැනි සංවත්සරය මෙම වසරේදී සමරනු ලබන බැවින්, ජනාධිපති දිසානායක මහතාගේ මෙම මාලදිවයින් රාජ්‍ය සංචාරය දෙරටටම වැදගත් වේ.
මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා ව්‍යාපාරික සංසදයක් ඇමතීම සහ ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව හමුවීමටද නියමිතය.
ජනාධිපති දිසානායක මහතා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 25 වැනි දින


