ජනාධිපතිවරයා ජපානයේ පැවැත්වෙන Nikkei Future of Asia සමුළුව ඇමතීමට සැරසෙයි

ජනාධිපතිවරයා ජපානයේ පැවැත්වෙන Nikkei Future of Asia සමුළුව ඇමතීමට සැරසෙයි

ටෝකියෝ නුවර පැවැත්වෙන 28 වැනි Nikkei Future of Asia සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2023 මැයි 24 සිට 27 යන දිනවල ජපානයේ සංචාරයක නිරත වනු ඇත.

ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා මෙම සංචාරය අතරතුර ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මැතිතුමා, මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මැතිතුමා සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ අමාත්‍ය ටාරෝ කෝනෝ මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

ජනාධිපතිවරයා මෙහිදී, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අයුරින් සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කරමින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට දායක වන ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව ලීගයේ නිලධාරීන් හමුවීමට ද නියමිත ය. තවද එතුමා මෙම සංචාරය අතරතුර, ජපාන විදේශ වෙළඳ සංවිධානයේ (JETRO) සහ ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලයේ (JSLBCC) සහයෝගයෙන් ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදය අතරතුර ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට ද අපේක්ෂා කරයි. ඉන් අනතුරුව, ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළඳාම සහ ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා පවතින ක්‍රම හඳුනාගැනීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡාවක් පවත්වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close