චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ කොන්සියුලර් කඳවුරු දෙකක් මගින් පුරවැසි සහතික 330ක්, උප්පැන්න සහතික 31ක් සහ RRP (සරණාගතයන් සියරට පැමිණවීමේ වැඩසටහන)ගමන් බලපත්‍ර 9ක් නිකුත් කරයි

 චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ කොන්සියුලර් කඳවුරු දෙකක් මගින් පුරවැසි සහතික 330ක්, උප්පැන්න සහතික 31ක් සහ RRP (සරණාගතයන් සියරට පැමිණවීමේ වැඩසටහන)ගමන් බලපත්‍ර 9ක් නිකුත් කරයි

නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මැයි 10 වැනි දින සිය චාන්සරි පරිශ්‍රය තුළ සංවිධානය කරන ලද විශේෂ කොන්සියුලර් කඳවුරු දෙකක් හරහා පුරවැසි සහතික 330 ක්, උප්පැන්න සහතික 31 ක් සහ RRP(සරණාගතයන් සියරට පැමිණවීමේ වැඩසටහන)ගමන් බලපත්‍ර 9 ක් නිකුත් කෙරිණි. චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද විශේෂ කොන්සියුලර් කඳවුරු දකුණු ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවට විශිෂ්ට සේවාවක් අඛණ්ඩව ලබා දෙන අතර, එහිදී විශේෂයෙන් උපත් සහ පුරවැසි ලියාපදිංචි කිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.

මැයි 10 වැනි දින චාන්සරි පරිශ්‍රයේ පවත්වන ලද 09 වැනි විශේෂ කොන්සියුලර් කඳවුරේදී පුදුක්කෝට්ටෛ දිස්ත්‍රික්කයේ තෝප්පුකොල්ලෛ සහ ඊරෝඩ් දිස්ත්‍රික්කයේ භවානිසාගර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා පුරවැසි සහතික 152ක් සහ උප්පැන්න සහතික 05ක් නිකුත් කරන ලදි.

10 වැනි විශේෂ කොන්සියුලර් කඳවුර 2022 මැයි 23 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී පවත්වන ලදි. පරමදි, නාමක්කල් දිස්ත්‍රික්කය, පූලුවපට්ටි, කොයිම්බතූර් දිස්ත්‍රික්කය, විරුපචි, ඩිල්ඩිගුල් දිස්ත්‍රික්කය, වලවන්තල්කෝට්ටෙට, ට්‍රිචි දිස්ත්‍රික්කය, පෙරුමල්ලලූර්, කන්ගෙයම්, පරුවායි සහ අවිනාසි, තිරුප්පූර් දිස්ත්‍රික්කය යන ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා පුරවැසි සහතික 178 ක්, උප්පැන්න සහතික 26 ක් සහ RRP (සරණාගතයන් සිරට පැමිණවීමේ වැඩසටහන) ගමන් බලපත්‍ර 9 ක් නිකුත් කරන ලදි.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 ජුනී 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close