චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සමරයි.

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය සමරයි.

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 74 වන නිදහස් දිනය 2022 පෙබරවාරි මස 04 වන දින චාන්සරි පරිශ්‍රයේ දී සැමරීය.

දකුණු ඉන්දියාවේ වසංගත ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන්,  දූත මණ්ඩලය විසින් එම කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පමණක් මෙම උත්සවය සමරනු ලැබීය.

නිල සැමරුම් උත්සවයට පෙර දූත කාර්ය මණ්ඩලය විසින් රාමේෂ්වරම්හි බුද්ධවංශාලංකාර හිමි (පූජ්‍ය ගෞතම මෞරියර් හිමි) වෙනුවෙන් දානමය පිංකමක් සිදු කරන ලදී.

චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී. වෙන්කේෂ්වරන් මහතා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව නිල සැමරුම් උත්සවය චාන්සරි පරිශ්‍රයේ දී ආරම්භ විය. තමිල්නාඩුවේ හින්දු, ඉස්ලාම් සහ කතෝලික සම්භාවනීය අමුත්තන් සිය ආශිර්වාදය පිරිනමමින් මෙම අවස්ථාවට සම්බන්ධ විය. අග්‍රාමාත්‍යවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ ශුභාශිංසන පණිවුඩ ද උත්සවයට සහභාගි වූ පිරිස වෙත පිරිනැමීය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 පෙබරවාරි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close