චෙක් ජනරජයේ තානාපතිවරයා සිය ධූරයෙන් සමුගැනීමට මත්තෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවේ

චෙක් ජනරජයේ තානාපතිවරයා සිය ධූරයෙන් සමුගැනීමට මත්තෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවේ

ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපති මිලාන් හොවෝර්කා මැතිතුමා සිය ධූර කාලය අවසන් වීමට මත්තෙන් 2021 ඔක්තෝබර් 14 වැනි බ්‍රහස්පතින්දා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේය.

මෙහි පැමිණි තානාපතිවරයා (නවදිල්ලියේ පදිංචි) පිළිගත් අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර පවතින සමීප හා සුහද සබඳතා පිළිබඳව අවධාරණය කළේය. විදේශ අමාත්‍යවරයාගේ හැඟීම්වලට එලෙසම ප්‍රතිචාර දක්වමින්, ඔහු චෙක් ජනරජයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ දී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ලබා දුන් ශක්තිමත් සහයෝගය පිළිබඳව තානාපති හොවෝර්කා මැතිතුමා සිය බලවත් ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර වෙළඳ, ආයෝජන සහ සංචාරක සබඳතා පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව මෙම රැස්වීම අතරතුර දී සාකච්ඡාවට භාජනය විය. අදාළ වන කලාපීය සහ බහුපාර්ශ්වික ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. සමකාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය එකඟ වූහ. කොවිඩ්-19 වසංගතය අතරතුර දී ශ්‍රී ලංකාවේ සිටි චෙක් ජාතිකයින්ට ලබා දුන් සහය පිළිබඳව තානාපතිවරයා සිය විශේෂ ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර දඬුවම් ලැබූ පුද්ගලයින් මාරු කිරීම පිළිබඳ ගිවිසුමකට ද මෙම සංචාරයේ දී එළඹුණි. මෙම හමුව සඳහා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ සිටින චෙක් ජනරජයේ නිර්වේතනික කොන්සල්වරයා සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ඔක්තෝබර් 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close