චීන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය ස්ථාපිත කෙරෙයි

චීන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය ස්ථාපිත කෙරෙයි

චීන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) චීනයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ඉකුත් 15 වනදා ආරම්භ කරන ලදි. මෙම සංගමය පිහිටුවීමේ පරමාර්ථය වන්නේ දෙරට අතර වෙළඳ හා ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා අපනයනකරුවන් මුහුණ දෙන බාධක ලිහිල් කිරීමයි.

මෙහිදී CSLATE සමඟ චීන පිවිසීමේ-පිටවීමේ පරීක්ෂණ සහ නිරෝධායන සංගමය (CIQA) සහ ජාත්‍යන්තර ඉංජිනේරු උපදේශකවරුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාර උපදේශක සභාව පිළිබඳ චීන සංගමය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද  අත්සන් තබන ලදි.

මෙම අවස්ථාවේ දී CSLATE හි නිලධාරී මණ්ඩලය තෝරාගනු ලැබීය. චිරංජය උඩුමුල්ල මහතා, කවීෂ ලොකුහිටිගේ මහතා සහ නන්දන හේවගේ මහතා පිළිවෙලින් සභාපති, මහලේකම් සහ මූල්‍ය ප්‍රධානී තනතුරුවලට පත් වූහ.

රැස්වීම අමතමින් ආචාර්ය පාලිත කොහොන මැතිතුමා පැවසුවේ, චීනය වෙත කෙරෙන ශ්‍රී ලංකා අපනයනය ඉහළ නැංවීම සහ දෙරට අතර වෙළඳ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා CSLATE සහාය විය යුතු බවයි. එය චීන ව්‍යාපාරික ප්‍රජාව කරා ද ළඟා විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා, චීන පිවිසීමේ-පිටවීමේ පරීක්ෂණ සහ නිරෝධායන සංගමයේ සභාපති ෂින් වැන්ග් මහතා සහ ජාත්‍යන්තර ව්‍යාපාරික උපදේශක සභාවේ ප්‍රධාන ලේකම් රෙන් යිෆෙන් මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකා අපනයනකරුවන් මුහුණ දෙන බාධක ලිහිල් කිරීම සඳහා පූර්ණ  සහයෝගය ලබා දෙන බව වැන්ග් සහ යිෆෙන් මහත්වරු පැවසූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 ජුනි 20 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close