චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ෂෙන් ඊචින් මහත්මිය ප්‍රමුඛ නිල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ

චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ෂෙන් ඊචින් මහත්මිය ප්‍රමුඛ නිල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රිනී ෂෙන් ඊචින් මහත්මිය සිව් දින නිල සංචාරයක් සඳහා 2023 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාවට පැමිණියාය. රාජ්‍ය මණ්ත්‍රණ සභා මන්ත්‍රිනී ඊචින් මහත්මිය සමස්ත චීන කාන්තා සම්මේලනයේ සභාපතිනිය ලෙසද කටයුතු කරයි. රාජ්‍ය මණ්ත්‍රණ සභා මන්ත්‍රිනී ඇතුළු දූත පිරිස 2023 නොවැම්බර් 20 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එම සාකච්ඡාවේදී දෙරට අතර සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු විය.

මෙම සංචාරයේදී දූත පිරිස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද හමුවිය.

රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රිනී සමඟ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජ්‍ය මහලේකම්, මෙන්ග් යැං මහත්මිය, විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා සහ චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ උප සභාපති ෂාඕ ෆෙංටාඕ මහතා ඇතුළු 18 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද එක්ව සිටියහ.

මෙම සංචාරයේදී නියෝජිත පිරිස හම්බන්තොට වරාය, ගාල්ල ජාතික සමුද්‍ර කෞතුකාගාරය සහ ගාලු කොටුව නැරඹීමට ගියහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 නොවැම්බර් 21

Print Friendly, PDF & Email
Please follow and like us:

Close