චීනයේ ධීවර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන සෞඛ්‍ය සහතිකය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය (GACC) අනුමත කරයි

චීනයේ ධීවර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන සෞඛ්‍ය සහතිකය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය (GACC) අනුමත කරයි

චීනයට ධීවර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන සෞඛ්‍ය සහතිකය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය (GACC) විසින් අනුමත කර ඇත. එමඟින් අනුමත ධීවර හා ජලජ නිෂ්පාදන මෙම ලාභදායී වෙළඳපොළට ඇතුළු වීමට හැකි වන අතර, ශ්‍රී ලාංකික ව්‍යාපාර ද තම නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා දිරි ගන්වනු ඇත.

2021 ජූලි මස 1 වැනි දින සිට ශ්‍රී ලංකාවේ සිට චීනය වෙත ධීවර නිෂ්පාදන අපනයනකරුවන් විසින් මෙම අළුත් කරන ලද සෞඛ්‍ය සහතිකය ඔවුන්ගේ නිෂ්පාදන සමඟ චීන රේගුව වෙත ඉදිරිපත් කළ යුතුය.

සියලුම සැකසූ ධීවර නිෂ්පාදන අපනයනකරුවන් හට පැරණි සහතිකය වෙනුවට මෙම යාවත්කාලීන කරන ලද සහතිකය භාවිත කිරීම අවශ්‍ය වේ. නව සහතිකයේ පිටපත් 120 ක් චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය (GACC) වෙත සාම්පල ලෙස කඩිනමින් ලබා දිය යුතුය. මේ සඳහා බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහාය වනු ඇත.

තානාපති කාර්යාලයේ වාණිජ අංශය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය (GACC) සමඟ සමීපව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය වේගයෙන් වර්ධනය වෙමින් පවතින චීන වෙළඳපොළට පිවිසීම සඳහා සහාය වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 ජුනි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close