ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතු බව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කරයි

ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතු බව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කරයි

Asian Mountain Tourism Alliance සිය හයවැනි සමුළුව 2022 අගෝස්තු 17-18 යන දිනවල චීනයේ ග්විෂූයි පළාතේ ග්වියැංග් හිදී පැවැත්වීය. මෙම සමුළුවේ දී නිෂ්පාදන රැසක් විදහා දැක්වූ අතර, විශේෂයෙන්ම මෙම පළාතේ හස්ත කර්මාන්ත රැසක් ඊට ඇතුළත් විය. මධ්‍යම, පළාත් සහ නාගරික ආණ්‌ඩුවල ඉහළ පෙළේ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හා ව්‍යාපාරික නියෝජිතයන් මෙම සමුළුවට සහභාගී වූහ.

සිය ඉදිරිපත් කිරීම සිදු කළ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාව තුළ හිමෙන් වැසී ගිය කඳු මුදුන් නොමැති වුවද, ප්‍රධාන ආගම් තුනක් පූජනීයත්වයෙන් සලකන,
ලොව එකම උස් කඳු මුදුන වන ශ්‍රී පාදය ශ්‍රී ලංකාව සතු බව සඳහන් කළේය. බෞද්ධයන් එය ශ්‍රී පාදස්ථානය ලෙසත්, කිතුණුවන් සහ මුස්ලිම්වරුන් එය ‘Adams Peak’ලෙසත් හඳුන්වයි. දහස් ගණනක් බැතිමත්හු තම ආගමික භක්තිය ප්‍රකාශ කිරීමටත්, නිදහස සහ සන්සුන් බව තුළින් හිමිවන අසමසම හැඟීම අත්විඳීමටත් මෙම කන්ද තරණය කරති.

ශ්‍රී ලංකාවේ සුන්දර ගහකොළ, කඳු වැටි ආශ්‍රිත නැවුම් තේවල සුවඳ සහ ගලා බසින ගංගා සහ දිය ඇලි පිළිබඳව තානාපති ආචාර්ය කොහොන මැතිතුමා මෙහිදී සඳහන් කළේය. නරඹන්නන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමඟම මේ වන විට බුටික් හෝටල් බවට පත් කොට ඇති බංගලා සංචාරකයන්ගෙන් පිරී යාමට පටන් ගෙන ඇති බවද එතුමා ප්‍රකාශ කළේ ය.

ග්‍රීක ජාතිකයන් මෙම දිවයින හැඳින්වූයේ 'සෙරන්ඩි‍බ්' යනුවෙනි. මෙම වචනයේ ඉංග්‍රීසි වචනය ‘serendipity’ වේ. ‘a pleasant surprise around every corner’ නමින් එය නිර්වචනය කෙරේ. චීන භාෂාවෙන් එය ‘Yuan Feng’ ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවට පැමිණ 'yuan feng' අත්දැකීමක් ලබාගන්නා ලෙස අචාර්ය පාලිත කොහොන මැතිතුමා මෙම අවස්ථාවට සහභාගී වූ පිරිසට ආරාධනා කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 අගෝස්තු 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close