ගෝලීය දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගමේ (HCL Technologies) නවතම පහසුකම ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා එම සමාගමේ මූලස්ථානය තුළ සංචාරයක නිරත වේ

ගෝලීය දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගමේ (HCL Technologies) නවතම පහසුකම ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා එම සමාගමේ මූලස්ථානය තුළ සංචාරයක නිරත වේ

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා නොවැම්බර් 22 දින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නොයිඩා හි පිහිටි ගෝලීය තොරතුරු තාක්ෂණ දැවැන්තයකු වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් (HCL Technologies) සමාගමේ මූලස්ථානය තුළ සංචාරයක නිරත විය. අක්කර 50 ක භූමි භාගයකින් සමන්විත මෙම සමාගම තුළ 25,000 ක සේවක පිරිසක් සේවය කරති.

මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මෙම අවස්ථාවට සම්බන්ධ වූ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මෙම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රතීක් අගර්වාල් මහතා සහ එතුමාගේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම හමු වූ අතර  එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගම ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති ආයෝජන පිළිබඳව මෙන්ම එම ආයෝජන තවදුරටත් ඉහළ නැංවීමේ ක්‍රම සහ විධි පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීය.

ඇමරිකානු ඩොලර් බිලියන 11 ක වාර්ෂික ආදායමක් ලබන ඉදිරි පරපුරේ ගෝලීය තාක්‍ෂණ සමාගමක් වන එච්.සී.එල්. ටෙක්නොලොජීස් සමාගම එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් පනහක් තුළ සිය කාර්යාල පවත්වාගෙන යන අතර  පර්යේෂණ හා සංවර්ධන, නවෝත්පාදන විද්‍යාගාර සහ බෙදා හැරීමේ මධ්‍යස්ථාන ආදියෙන් සුසැදි ලොව පුරා ව්‍යාප්ත වූ ජාලයකට හිමිකම් කියයි. ගෝලීය වශයෙන් එහි සේවකයන් 187,000 කට වැඩි පිරිසක් සේවය කරන අතර ලොව වාසනාවන්තම සමාගම් 500 න් 250 ක් සහ ප්‍රධානතම ගෝලීය සමාගම් 2,000 න් සමාගම් 650 ක් එහි පාරිභෝගික පිරිසට ඇතුළත් වේ.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා නොයිඩා හි පිහිටි එච්.සී.එල්. ටෙක්නොලොජීස් මූලස්ථානයට පැමිණියේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එච්.සී.එල්. ක්‍රියාකාරකම්වල පළමු සංවත්සරය සැමරීමට පෙර සහ ශ්‍රී ලංකාව තුළ ඇරඹීමට නියමිත මෙම සමාගමේ නවතම පහසුකම විවෘත කිරීමට දින කිහිපයකට පෙරය. 2021 නොවැම්බර් 25 වැනි දින විවෘත කිරීමට නියමිත එච්.සී.එල්. ටෙක්නොලොජීස්  සමාගමේ නවතම කාර්යාලය සඳහා කොළඹ පිහිටි දර්ශනීය වාණිජ ගොඩනැගිල්ලක තට්ටු 20ක (වර්ග අඩි 200,000) වපසැරියක් බදු පදනම යටතේ ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කෙරෙන එච්.සී.එල්. ආයතනය මගින් මූලික අදියරේ දී ශ්‍රී ලාංකිකයන් 1100 කට ඉහළ වැටුප් සහිත තොරතුරු තාක්ෂණ රැකියා අවස්ථා ලබා දීමට නියමිත අතර වසර පහක් තුළ එම සංඛ්‍යාව 5000 ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත. මෙම සමාගම විසින් උපාධිධාරීන් බඳවා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට එතුළ රැකියා පහසුකම් ලබා දෙමින් ඔවුන්ගේ විශ්වවිද්‍යාල උපාධි සම්පූර්ණ කිරීම සඳහා 100% ක ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

එච්.සී.එල්. ශ්‍රී ලංකා සමාගම වාසනාවන්තම සමාගම් 500 අතරින් සමාගම් 49 කට සිය සේවා සෘජුවම සපයනු ඇත.

නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා, අමාත්‍ය උපදේශක ගාමිණී සරත් ගොඩකන්ද මහතා, මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන ලේකම් දීපක් නතානි මහතා යනාදීහු සමඟ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මෙම අවස්ථාවට සහභාගී විය. සභාපතිවරයාගේ කාර්යාලයේ උපායමාර්ගික මුලපිරීම් පිළිබඳ නියෝජ්‍ය කළමනාකාර අශිෂ් යාදව් මහතා, උප සභාපති ප්‍රවීන් සෙත් මහතා, උපායමාර්ගික කටයුතු පිළිබඳ උප සභාපති අභිනව් ගොෂ් මහතා යනාදීහු සමඟ ප්‍රධාන මූල්‍ය නිලධාරී අගර්වාල් මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 නොවැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close