කොවිඩ්-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රතිචාර විදේශ අමාත්‍යවරයා ගෙනහැර දක්වයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රතිචාර විදේශ අමාත්‍යවරයා ගෙනහැර දක්වයි

Pic 1

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දූරදර්ශී දේශපාලන නායකත්වය සහ සමස්ත රජයේ ප්‍රවේශයක් තුළ තාක්‍ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම නිසා කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙන්ම, මෙම ගෝලීය වසංගතය ආශ්‍රිත පුළුල් පරාසයක ගැටලු රාශියක් පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව, ‘ඩිජිටල් බෙදීම් වසා දමන්න: කොවිඩ්-19 සඳහා ඩිජිටල් ප්‍රතිචාරය’ අතථ්‍ය අමාත්‍ය සම්මේලනය අමතමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පැවසීය.

2020 ජූලි 1 වැනි දින එස්තෝනියාව සහ සිංගප්පූරුව එක්ව සංවිධානය කළ මෙම සමුළුවට රටවල් 60 කට අධික සංඛ්‍යාවක අමාත්‍යවරුන් සහ නියෝජිතයින් සහභාගී විය.

විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) සමඟ එක්ව පිහිටුවා ඇති ‘ශ්‍රී ලංකාව අමතන්න ද්වාරය’ ඇතුළුව, කොවිඩ්-19 කාල පරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් විසඳුම් පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සමුළුවට කරුණු දැක්වීය. මෙම අභියෝගාත්මක කාලසීමාවේ දී පෞද්ගලික අංශයේ හවුල්කරුවන් දැක්වූ දායකත්වය පිළිබඳව ද ඔහු ස්තූතිය පුද කළේය.

පශ්චාත් කොවිඩ්-19 ලෝකයක් තුළ, ඩිජිටල් තාක්‍ෂණයේ වර්ධනය වෙමින් පවතින භූමිකාව පිළිබඳව අදහස් පළ කරමින්, අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සයිබර් ආරක්‍ෂණ අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම සීමිත සම්පත් සහිත රටවල් සමඟ විශිෂ්ඨ පරිචයන් සහ තාක්‍ෂණයන් බෙදාහදා ගැනීම සඳහා සියලු ජාතීන් විසින් සාමූහික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මෙම අතථ්‍ය අමාත්‍ය සම්මේලනයේ දී සම්මත කරන ලද “කොවිඩ්-19 සඳහා ඩිජිටල් ප්‍රතිචාරය පිළිබඳ ගෝලීය ප්‍රකාශය”, ශ්‍රී ලංකාව විසින් අනුමත කරන ලදී.

https: //vm.ee/sites/default/files/Estonia_for_UN/Rasmus/close_the_digital_divides.pdf යන වෙබ් සබැඳයෙන් මෙම ප්‍රකාශය ලබා ගත හැකිය:

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 ජූලි 3 වැනි දින

Pic 2

Print Friendly, PDF & Email
Please follow and like us:

Close