කොවිඩ්-19 වසංගතයේ ආර්ථික හා මූල්‍ය අභියෝග ජය ගැනීම සඳහා ගෙන ඇති ප්‍රත්‍යස්ථ ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

කොවිඩ්-19 වසංගතයේ ආර්ථික හා මූල්‍ය අභියෝග ජය ගැනීම සඳහා ගෙන ඇති ප්‍රත්‍යස්ථ ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාව අවධාරණය කරයි.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දරිද්‍රතාවය අවම කිරීම සහ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP)  සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ කමිටුවේ තුන්වන සැසිවාරය 2021 ඔක්තෝබර් මස 20 දින සිට 22 දින දක්වා බැංකොක් නුවරදී අතත්‍ය ලෙස රැස්වූ අතර, පශ්චාත් කොවිඩ්-19 සන්දර්භය තුළ බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් සහ නව්‍ය මූල්‍යකරණ උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායකත්වය දරමින්, තායිලන්ත රාජ්‍යයෙහි ශ්‍රී ලංකා තානාපති සහ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ හි (UNESCAP)  නිත්‍ය නියෝජිත සී.ඒ. චමින්ද අයි. කොලොන්නේ මැතිණිය, කොවිඩ්-19 වසංගත අභියෝග ජය ගැනීම සඳහා UNESCAP හි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, දරිද්‍රතාවය අවම කිරීම සහ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ කමිටුව වෙත ශ්‍රී ලංකාවේ ප්‍රශංසාව පුද පළ කළ අතර, චීනය, ජපානය, පාකිස්ථානය, ප්‍රංශය සහ පින්ලන්තය යන රටවල් සමඟ එක් ව, තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා මූල්‍ය උපාය මාර්ග පිළිබඳ උපදේශක කණ්ඩායමක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම කණ්ඩායම සම්බන්ධීකරණය කරනු ඇත.

‘සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ කලාපීය සංවාදය: කොවිඩ්-19 වසංගතයෙන් පසු තිරසාර සංවර්ධනය සඳහා මූල්‍යකරණය සහ ණය අවදානම් ආමන්ත්‍රණය කිරීම  - තිරසාර නව්‍යකරණ උපාය මාර්ගික මූල්‍යනයේ හැකියාව’ නම් වූ අතුරු විශේෂාංගයේ ප්‍රධාන කථිකයෙකු ලෙස, මහ බැංකු අධිපති කබ්රාල් මැතිතුමා, “ගෝලීය වසංගතයක් පවතින කාලවකවානුවක දී රටවල් පහත හෙලීමෙන් අර්බුද නිර්මාණය කෙරෙන අතර, එයම අවදානම් ඇති කරයි සහ මූල්‍යනය සඳහා ඌන ප්‍රවේශයක් ලබා දීම සහ එම රටවල් පහත හෙළීමෙන් එකී රාජ්‍යයන් තුළ පවත්නා ව්‍යාකූල තත්ත්ව තවදුරටත් වැඩි වේ” යැයි ප්‍රකාශ කළේ ය. වසංගතයේ පළමු අදියරේදී ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විශේෂ ආදාන හිමිකම් ලබා දීමේ වැදගත්කම ද ආණ්ඩුකාර කබ්රාල් අවධාරණය කළ අතර, වෙළඳපල ණය අඩු කිරීම, G2G නව අතිරේක මූල්‍යකරණය සෙවීම, ඌන උපයෝගිතා වත්කම් භාවිතය යනාදීය මගින් ණය අවදානම කළමනාකරණය කිරීම උදෙසා වන ශ්‍රී ලංකාවේ නව ප්‍රවේශයන් විස්තර කළේය.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සම්පත් මන්ත්‍රීනායක මහතා රටේ පවතින තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්, ‘විශේෂයෙන්ම නිල් සහ හරිත ආර්ථිකය සහ ස්මාර්ට් කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සහ දේශීය නිෂ්පාදන සමාගම් සඳහා ගෝලීය අගය දාමයන් සමඟ ඒකාබද්ධ වීමට ඉඩ සලසා දීමෙන්, නිෂ්පාදන, කෘෂි ව්‍යාපාර සහ සේවා අංශවල ඉහළ අගයක් ලබා ගැනීම සඳහා අගය එකතු කිරීමෙන් ශ්‍රී ලංකාව, මූල්‍ය හා ණය තිරසාරභාවය සුරක්ෂිත කිරීම මෙන් ම ප්‍රත්‍යස්ථ වර්ධනය හා රැකියා උත්පාදනය කිරීමක් කරා රැගෙන යාම සඳහා ක්‍රියා කළ හැකිය.’ යනුවෙන් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත බණ්ඩාර, දූත මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සහ උප නිත්‍ය නියෝජිත සාරිතා රණතුංග යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2021 නොවැම්බර් 01

Print Friendly, PDF & Email
Please follow and like us:

Close