කාර්ය සාධන සමාලෝචන සහ ක්‍රියාත්මක කිරීමේ අංශය

කාර්ය සාධන සමාලෝචන සහ ක්‍රියාත්මක කිරීමේ අංශය

2023 ජනවාරි මස ආරම්භ කරන ලද කාර්ය සාධන සමාලෝචන හා ක්‍රියාත්මක කිරීමේ අංශය, අමාත්‍යාංශයේ පහත සඳහන් කාර්යයන් ඉටු කරයි.

      i. අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම මෙන්ම වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස් කිරීම සහ ඒවා නියමිත වේලාවට අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම.

     ii අමාත්‍යාංශයේ අංශ 23ක් මෙන්ම විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල  60ක් සමඟ සම්බන්ධීකරණයෙන් ප්‍රධාන ප්‍රතිඵල ක්ෂේත්‍ර (KRAs) යටතේ අමාත්‍යාංශයේ කාර්ය සාධනය පිළිබඳ කාර්තුමය වාර්තා සකස් කිරීම සහ හඳුනාගත් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ඇගයීමට ලක් කිරීම.

     iii. අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඇගයීමට අමාත්‍යාංශයට සහය වීම.

     iv. විදේශ පාර්ශ්වයන් සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් (MoUs) වල තත්ත්වය අධීක්ෂණය කිරීම සහ අත්සන් කරන ලද ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීම.

     v. පාර්ලිමේන්තු විදේශ කටයුතු උපදේශක කමිටු රැස්වීම, කෝපා සහ අනෙකුත් සම්බන්ධිත විගණන සහ මූල්‍ය රැස්වීම් සම්බන්ධීකරණය කිරීම.

    vi. අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර අංශයේ කාර්යයන් මෙහෙයවීම

සෙසු නිලධාරීන්

අධ්‍යක්‍ෂ ජනරාල් (වැ.බ)

නම :ජේ. ඒ. ඩී. එස්. පී. විජේගුණසේකර මහත්මිය
දුරකතනය :+94 112 458 277
විද්‍යුත් තැපෑල: priyanka.wijegunasekara@mfa.gov.lk / dgpri@mfa.gov.lk

අධ්‍යක්‍ෂ

නම : දිලිනි එස්. ලෙනගල මහත්මිය
දුරකතනය :+94 112 207 232
විද්‍යුත් තැපෑල: dilini.lenagala(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම :ආර්. ඒ. ටී. එන්. රණසිංහ මහත්මිය
දුරකතනය : 
විද්‍යුත් තැපෑල:thilini.ranasinghe@mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : එම්.එන්.ඒ. කුරේ මෙය
දුරකතනය : +94 112 207 209
විද්‍යුත් තැපෑල: pri(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close