කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිය මාසයක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කරයි

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිය මාසයක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින කොවිඩ්-19 තත්ත්වය සහ රටේ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය දරන දැඩි ප්‍රයත්නය සැලකිල්ලට ගනිමින්, කෙන්යාවේ නයිරෝබි හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම තීරණාත්මක අවස්ථාවේ දී සංකේතාත්මක දායකත්වයක් ලෙස සිය අගෝස්තු මාසයේ මාසික වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

අගෝස්තු මාසය සඳහා වන සිය වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ සියලුම අමාත්‍යවරුන්ට කරන ලද යෝජනාවකට අනුව මෙය සිදු කෙරේ.

ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් එහි කොවිඩ්-19 ප්‍රතිචාරය වෙනුවෙන් රජයේ හස්තය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය තීරණය කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2021 අගෝස්තු 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close