කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පාකිස්ථාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය සමඟ එක්ව කරච්චියේ දී ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය සජීවීව ප්‍රදර්ශනය කිරීමක් සංවිධානය කරයි

කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පාකිස්ථාන ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය සමඟ එක්ව කරච්චියේ දී ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය සජීවීව ප්‍රදර්ශනය කිරීමක් සංවිධානය කරයි

කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, පාකිස්ථානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය (PSLBF) සමඟ එක්ව 2022 සැප්තැම්බර් මස 11 වැනි දින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය සජීවීව ප්‍රදර්ශනය කිරීමක් සංවිධානය කළේය.කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ජගත් අබේවර්ණ මහතා, PSLBF හි සභාපති අස්ලම් පඛාලි මහතා සහ PSLBF හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ෂකීබ් රවුෆ් මහතා, පාකිස්ථාන වෙළඳ සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අතාර් හුසේන් ඛෝඛර් මහතා ඇතුළු 100කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. කරච්චි හි පාකිස්ථාන රේගු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉෆ්තිකාර් අහමඩ් මහතා, කොරංගි වෙළඳ හා කර්මාන්ත සංගමයේ සභාපති සල්මන් අස්ලම් මහතා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාර සමන් රත්නායක මහතා, කරච්චි හි ශ්‍රී ලාංකීය ප්‍රජාවේ ප්‍රමුඛයින් සහ සිසුන්, ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්, සංචාරක ව්‍යාපාරික ප්‍රජාව සහ මාධ්‍ය නියෝජිතයින් මෙම අවස්ථාවට එක් විය.

පාකිස්ථානයේ සියලුම ප්‍රධාන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මඟින් සජීවී විකාශනයකින් සමන්විත පුළුල් ප්‍රචාරණයක් මෙම උත්සව අවස්ථාව සඳහා ලබා දුන්නේය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

කරච්චි

2022 සැප්තැම්බර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close