ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර විදේශ කාර්යාල ද්විපාර්ශ්වික උපදේශන, උපායමාර්ගික සමුද්‍ර සංවාද සහ වෙළඳ හා ආයෝජන කමිටු රැස්වීම කොළඹ දී සාර්ථකව අවසන් කෙරේ

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර විදේශ කාර්යාල ද්විපාර්ශ්වික උපදේශන, උපායමාර්ගික සමුද්‍ර සංවාද සහ වෙළඳ හා ආයෝජන කමිටු රැස්වීම කොළඹ දී සාර්ථකව අවසන් කෙරේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විදේශ කාර්යාල ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වැනි වටය, දෙවැනි උපායමාර්ගික සමුද්‍ර සංවාදය සහ තුන්වැනි ඒකාබද්ධ වෙළඳ හා ආයෝජන කමිටු රැස්වීම 2023 ජූලි 12 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ පළමු සහකාර ලේකම් ගැරී කොවාන්, අතිරේක ලේකම් (නැගෙනහිර ද්විපාර්ශ්වික කටයුතු) යසෝජා ගුණසේකර, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) ශානිකා දිසානායක සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ඒ. එම්. පී. එම්. බී. අතපත්තු යන මහත්ම මහත්මීහු මෙම රැස්වීම්වල සම ප්‍රධානීත්වය දැරූ හ.

ආරක්‍ෂක කටයුතු, කෘෂිකර්මය, සයිබර් ආරක්‍ෂාව සහ අධ්‍යාපනය යන අංශ ආශ්‍රිත ආයතනික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පවත්නා නව මාර්ග මෙම සාකච්ඡා අතරතුර හඳුනා ගන්නා ලදී. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) හරහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා දෙපාර්ශ්වය සිය එකඟත්වය පළ කළ හ. වෙළඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close