ඔලිම්පික් උළෙලට සහභාගි වී ශ්‍රි ලංකාව දැක් වූ මානව සහයෝගිතාව ජපානය අගයයි

 ඔලිම්පික් උළෙලට සහභාගි වී ශ්‍රි ලංකාව දැක් වූ මානව සහයෝගිතාව ජපානය අගයයි

ජපානයේ ටෝකියෝහිදී පැවැති මෙවර ලෝක ඔලිම්පික් තරගයට සහභාගිවෙමින් ශ්‍රි ලංකාව දැක් වූ මානව සහයෝගිතාව සම්බන්ධයෙන් ජපානය සතුටු වන බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගූණවර්ධන  මහතා හමු වී සඳහන් කළේය. අගෝස්තු 09 වැනි දින මෙම හමුව විදේශ අමාත්‍යංශයේ දී සිදු විය.

මෙහි දී විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා තානාපතිවරයාට පවසා සිටියේ කොව්ඩි 19 වසංගතයෙන්  ශ්‍රි ලාංකික ජනතාව මුදවා ගැනීම සදහා ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අගමැතිවරයා ගෙන්  ඉල්ලීම අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.45 ක් පරිත්‍යාග කිරිම පිළිබදව ශ්‍රි ලංකා රජයේ මෙන්ම ජනතාව ගේ කෘතඥතාව ජපාන රජයට මෙන්ම එරට ජනතාවටද හිමි වන බවය. ශ්‍රි ලංකාවට පරිත්‍යාග කළ එන්නත් ඉතා කඩිනමින් ජනතාවට ලබා දීමට ශ්‍රි ලංකා රජය ක්‍රියාත්මක කළ ක්ෂණික වැඩ පිළිවල සම්බන්ධයෙන්  ජපාන රජය  බලවත් සේ සතුටු වන බව මෙහිදී ජපාන තානාපතිවරයා සඳහන් කළේය.

දෙරටේ රාජතාන්ත්‍රික සබඳතාවේ 70 වන සංවත්සරය ලබන වසරේ අප්‍රේල් මාසයට යෙදී ඇති බැවින් ඒ සදහා දෙරටම එක්ව ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවය දීර්ඝව සාකච්ඡා කරන ලදි. මේ අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා හා ජපාන ආයෝජන යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබදව හා නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ද දෙපාර්ශවය තොරතුරු හුවමාරු කර ගත්හ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

10 අගෝස්තු 2021

Print Friendly, PDF & Email
Please follow and like us:

Close