ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා පරිසරයට හා ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි 01 වන දින විදේශ අමාත්‍යංයේදී පැවැත්විණ. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් සමඟ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා හා ඒ ඒ අමාත්‍යංශවල ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.
Please follow and like us: