එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2024 වර්ෂයේ පොදු සමා කාලය තුළ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය මගින් ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා දෙන සේවාවන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2024 වර්ෂයේ පොදු සමා කාලය තුළ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය මගින් ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා දෙන සේවාවන්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 01 දින සිට  ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා ප්‍රකාශ කර ඇති පොදු සමා කාලය වෙනුවෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය සක්‍රීයව තම දායකත්වය ලබා දෙමින් සහාය අවශ්‍යය ශ්‍රී ලාංකිකයින් වෙත සේවාවන් ලබා දීම නොකඩවා සිදුකරගෙන යනු ලබන බව සතුටින් දන්වා සිටිමු.

ඒ අනුව 2024  වර්ෂයේ සැප්තැම්බර් මස 01 දින සිට ඔක්තෝබර් මස 17 වන දින දක්වා අප කොන්සල් ජනරාල් කාර්යාලයෙන් සපයා ඇති සේවාවන් පිළිබඳ දත්ත පහත පරිදි ඉදිරිපත් කරමු;

සාමාන්‍ය කොන්සියුලර් වේලාවන් සහ විශේෂ පොදු සමා කාල සේවාවන්වලදී ශ්‍රී ලාංකිකයින් 6776 ක් සඳහා සේවා සපයා ඇත.
නව ගුවන් ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් 907 ක් භාරගෙන ඇත.
පොදු සමා කාලය තුළ මෙරටින් පිටවීම සඳහා තාවකාලික ගමන් ලියවිලි (TTD) 761 ක් නිකුත් කර ඇත.
කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම පරිදි විශේෂයෙන්  පිහිටුවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ෆිට්ස් එයාර් ගුවන් සමාගම විසින් ස්ථාපිත කර ඇති කවුන්ටර මගින් ශ්‍රී ලාංකිකයින් 835 දෙනෙකු සහන පදනම මත ගුවන් ටිකට්පත් ලබාගෙන ඇත.

එසේම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024  ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බැවින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීමට ද කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති හෝ ශ්‍රී ලාංකිකයින් 2024  ඔක්තෝබර් මස 25  වන දින හෝ ඊට ප්‍රථම තමන්ට ශ්‍රි ලංකාවට යාමට අවශ්‍යය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙස අප කාර්යාලය විසින් තරයේ ඉල්ලා සිටිමු.

මෙම පොදු සමා කාලය තුළ අපගේ සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සඳහා සේවාවන් සැපයීමට කොන්සල් ජනරල් කාර්යාලය කැපවී සිටින බව දන්වා සිටින අතර මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට නීත්‍යානුකූල වීසා බලපත්‍ර සකස් කරගන්නා ලෙස දන්වා සිටින අතරම එසේ නොහැකි ශ්‍රී ලාංකිකයින් ආරක්ෂාකාරීව නැවත ශ්‍රී ලංකාවට යාමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ඩුබායි

2024 ඔක්තෝබර් 22 දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close