ඊශ්‍රායලය සහ පලස්තීනය තුළ උත්සන්න වෙමින් පවතින ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරයි

ඊශ්‍රායලය සහ පලස්තීනය තුළ උත්සන්න වෙමින් පවතින ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරයි

ඊශ්‍රායලය සහ පලස්තීනය තුළ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.

ප්‍රචණ්ඩත්වය වහාම නවතා දමන ලෙසත් තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

1967 වර්ෂයේ ස්ථාපිත දේශසීමා මත පදනම්ව ජීවත් වන ජනතාව සිටින මෙම රාජ්‍යයන් ද්විත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර එකඟතාව සහිත පරාමිතීන්ට අනුකූල සාකච්ඡාමය විසඳුමකට එළඹීමට සහය වීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටියි.

ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තම සමීපතමයන් අහිමි වූ සහ විපතට පත් පවුල්වලට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු.

ටෙල් අවිව් සහ රමල්ලා හි ශ්‍රී ලංකා දූත මණ්ඩල මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ ද සබඳතා පවත්වයි. සුළු තුවාල ලැබූ එක් ශ්‍රී ලාංකිකයෙකු මේ වන විට හඳුනාගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ඔක්තෝබර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close