ඊශ්‍රායලය කොවිඩ් 19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි

ඊශ්‍රායලය කොවිඩ් 19 ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව සඳහා වන ඊශ්‍රායල නියෝජිතායනය හරහා (MASHAV) ඊශ්‍රායල රජය විසින් වෙන්ටිලේටර යන්ත්‍ර, පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPEs) සහ ස්පන්දන ඔක්සිමීටර ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලදී.

ඊශ්‍රායල රජයේ මෙම පරිත්‍යාගය, කොළඹ විදේශ අමාත්‍යාංශ කාර්යාලයේ පැවති උත්සවයකදී භාර දෙනු ලැබිණි.

ඊශ්‍රායල තානාපති නඕර් ගිලොන් මැතිතුමා විසින් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමන් වෙත මෙම උපකරණ තොගය පරිත්‍යාග කෙරිණි. ඊශ්‍රායලයේ නිර්වේතනික කොන්සල් විකී වික්‍රමතුංග මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර මිත්‍රත්වය සහ සහයෝගිතාවය පිළිබඳ සමීප සබඳතා පවතී. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වූ දා පටන් ඊශ්‍රායලය ශ්‍රී ලංකාව වෙත කොවිඩ්-19 වසංගතයට අදාළව වටිනා ආධාර ප්‍රදානය කොට ඇත.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 පෙබරවාරි 0​7වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close