ඊශ්‍රායලයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ඊශ්‍රායලයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ඊශ්‍රායල් රාජ්‍යයේ තානාපති නාඕර් ඉට්සැක් ගිලොන් මැතිතුමා 2022 පෙබරවාරි 03 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ අමාත්‍ය මහචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවී දෙරටෙ හි අන්‍යෝන්‍ය අවශ්‍යතා ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

අභිනව තානාපතිවරයාට සුබ පැතූ විදේශ අමාත්‍යවරයා, ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාව පවත්නා හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම පිළිබඳව යළි තහවුරු කළේ ය. දෙරටෙ හි ප්‍රයෝජනය සඳහා වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ තාක්ෂණ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close