ඉස්තාන්බුල් හි ලෝක වෙළඳ ප්‍රදර්ශනයේ දී ලංකා තේ, කුළුබඩු සහ කජු සිත් ආකර්ෂනය කර ගනී

ඉස්තාන්බුල් හි ලෝක වෙළඳ ප්‍රදර්ශනයේ දී ලංකා තේ, කුළුබඩු සහ කජු සිත් ආකර්ෂනය කර ගනී

2021 සැප්තැම්බර් 09 සිට 12 දක්වා ඉස්තාන්බුල් හි පැවති ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයේ දී පිරිසිදු ලංකා තේ, අව්‍යාජ ශ්‍රී ලාංකික කජු සහ කුළුබඩු මඟින් අමුත්තන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය වෙත ආකර්ෂණය කළේය. අන්කරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය තුළ තම නිෂ්පාදන ප්‍රදර්ශනය කළ ශ්‍රී ලාංකික සමාගම් සඳහා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ප්‍රසිද්ධ තුර්කි සමාගම් සහ විදේශීය සමාගම් සමඟ අතථ්‍ය වේදිකාවක් හරහා ව්‍යාපාරාන්තර රැස්වීම් සංවිධානය කරන  ලදි.

තානාපති කාර්යාලය ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව මෙම වසරේ වෙළඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සංවිධානය කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ආවරණය යටතේ ශ්‍රී ලංකාවේ සමාගම් තුනක්, ඩීට්‍රයෑංගල් (පුද්ගලික) සමාගම, එක්ස්පෝ ලංකා (පුද්ගලික) සමාගම සහ රන්ක්‍රිස්ප් කජු සමාගම මෙම ප්‍රදර්ශනයට සහභාගී විය.

තානාපති කාර්යාලය විසින්  ප්‍රදර්ශනයේ සම්පූර්ණ කාලය පුරා අමුත්තන් සඳහා තේ රසවිඳීමේ අංගයක් ද සංවිධානය කල අතර , ඉස්තාන්බුල් හි තුර්කි ව්‍යාපාරික මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මණ්ඩපයේ දී සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් සඳහා ද තුර්කියේ ශ්‍රී  ලංකා තානාපති එම් . රිස්වි හසන් මැතිතුමා  සහභාගී විය.

ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනය යුරේසියාවේ පැවැත්වෙන විශාලතම ආහාර නිෂ්පාදන හා තාක්‍ෂණ ප්‍රදර්ශනය වන අතර, රටවල් 40 ක නිෂ්පාදකයින්, ගැනුම්කරුවන් සහ සැපයුම්කරුවන් සඳහා සහභාගී විය. තුර්කි වෙළඳ අමාත්‍යාංශය, KOSGEB, IHBIR, තුර්කි ආහාර පිසීමේ සංගමය, ගැස්ට්‍රොනොමි සංචාරක සංගමය සහ ලෝක රසකැවිලි සමාජය (WGS) යන ආයතනවල සහයෝගයෙන් යුතුව එය පැවැත්විණ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

 2021 සැප්තැම්බර් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close