ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙති

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙති

වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන ද්විපාර්ශ්වික සහය හා සබැඳි කටයුතුවලට අදාළව, ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා එක් දින සංචාරයක් සඳහා අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් අජේ සෙත් මහතා, ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී. අනන්ත නාගේෂ්වරන් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ  ඉන්දීය සාගර කලාපයේ (IOR) සම ලේකම් කාර්තික් පාන්ඩේ මහතා යනාදීහු, විදේශ ලේකම්වරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දීය දූත පිරිස මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත ය. තවද, මෙම දූත පිරිස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එක්ව මෙරට ආර්ථික තත්ත්වය සහ කෙටි කාලීන හා දීර්ඝ කාලීන සහය පිළිබඳව ද සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close