ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා 2024 ඔක්තෝබර් 04 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් බැහැ දැකීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ජයශංකර් අමාත්‍යවරයා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සංචාරයට එක් වෙති.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

03 ඔක්තෝබර් 2024

Please follow and like us:

Close