ඉන්දියා - ශ්‍රී ලංකා පදනම සිය 37 වැනි  මාණ්ඩලික රැස්වීම නවදිල්ලියේ දී පවත්වයි

ඉන්දියා – ශ්‍රී ලංකා පදනම සිය 37 වැනි  මාණ්ඩලික රැස්වීම නවදිල්ලියේ දී පවත්වයි

 ඉන්දියා - ශ්‍රී ලංකා පදනමේ 37 වැනි මාණ්ඩලික රැස්වීම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමාගේ සම සභාපතිත්වය යටතේ 27 දින නවදිල්ලි නුවරදී පැවැත්විණි. මෙම මාණ්ඩලික රැස්වීම දෙමුහුන් ක්‍රමයක් ඔස්සේ පැවැත්විණි.

ආර්ථිකවිද්‍යාත්මකඅධ්‍යාපනිකතාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතාව වැඩිදියුණු කිරීම තුළින් ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සහ දෙරටේ ජනතාව අතර ඉහළ අවබෝධයක් ප්‍රවර්ධනය කිරීම යන අරමුණු සහිත ඉන්දියා - ශ්‍රී ලංකා පදනම, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මගින් 1998 දෙසැම්බර් 28 වැනි දින පිහිටුවන ලදි.

 ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද මාණ්ඩලික සාමාජිකයන්තානාපතිවරුන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන් වන බර්නාඩ් ගුණතිලක සහ එච්.එම්.ජී.එස්. පලිහක්කාර යන මහත්වරු මෙම රැස්වීමට අතථ්‍ය අයුරින් සහභාගී වූ අතර, ඉන්දීය රජය විසින් පත් කරන ලද මාණ්ඩලික සාමාජිකයාජම්මු මධ්‍යම විශ්වවිද්‍යාලයේ කුලපති සහ තානාපති ගෝපාලස්වාමි පාර්තසාරති මැතිතුමා සහ මෙම පදනමේ නවදිල්ලියේ සහ කොළඹ පිහිටි ලේකම් කාර්යාලවල නිලධාරීහු සම සභාපතිවරුන් දෙදෙනා සමඟ පුද්ගලික වශයෙන් ඊට සහභාගී වූහ.

මෙම වර්ෂයේ පැවති මාණ්ඩලික රැස්වීම නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේ පවතින, මෙම පදනමේ නව දිල්ලි ලේකම් කාර්යාලය විසින් පවත්වන ලදි. මෙම වාර්ෂික මාණ්ඩලික රැස්වීම් මෙම නගරදෙක තුළ මාරුවෙන් මාරුවට පවත්වනු ලැබේ.

මෙම පදනමට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අයදුම්කරුවන්ගෙන් ව්‍යාපෘති යෝජනා 64ක් ලැබී ඇති අතර ඉන් 22ක් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, මෙම පදනමේ නව වෙබ් අඩවිය (www.islfcolombo.comද මෙම රැස්වීමේදී එළිදක්වන ලදි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 ජුනි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close