ඉන්දියාවේ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහා නම්කළ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රාජකාරි අරඹයි

ඉන්දියාවේ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහා නම්කළ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දකුණු ඉන්දියාව සඳහා නම් කළ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය දොරයිසාමි වෙන්කටේෂ්වරන් මහතා 2021 අප්‍රේල් 12 වැනි දින චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාර ගත්තේය.

මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ පිහිටි බුදු මැදුරේ දී පූජාවක් පැවැත්වීමෙන් ආචාර්ය වෙන්කටේෂ්වරන් මහතා සිය කටයුතු ආරම්භ කළේය.

දේශපාලන රාජ්‍යතාන්ත්‍රිකභාවය, ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය, කොන්සියුලර් සේවා, සංස්කෘතික හා ආගමික සම්බන්ධතා සහ විද්‍යාව හා තාක්ෂණයට අමතරව, සරණාගතයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති, වන්දනාකරුවන්ට පහසුකම් සැලසීම සඳහා වන චෙන්නායිහි මහා බෝධි මධ්‍යස්ථානය නැවත විවෘත කිරීම පිළිබඳව අදාළ අය හමුවී සාකච්ඡා කළ බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා දැන්වීය.

ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහතා රාජ්‍ය ආයතන කිහිපයක සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස සේවය කළ අතර, 2020 දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කළේය.

තමිල්නාඩුව හැරුණු විට කේරළ, ආන්ද්‍ර ප්‍රදේශ්, කර්නාටක, තෙලඟනා සහ පුදුචෙරි යන ප්‍රාන්ත පහ සමඟ ශ්‍රී ලංකා රජයේ පවතින බැඳීම හා සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා ද කටයුතු කරන බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2021 ජුනි 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close