ඉන්දියානු සාගර ආරක්‍ෂාව හා ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ විදේශ අමත්‍යවරු අවධානය යොමු කරති

ඉන්දියානු සාගර ආරක්‍ෂාව හා ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ විදේශ අමත්‍යවරු අවධානය යොමු කරති

ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ ලෙස්ටාරි ප්‍රියංසාරි මාර්සුඩි මැතිනිය විසින් නිව්යෝර්ක් හි ඉන්දුනීසියාවේ දූත මණ්ඩලය වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබීය. දෙරට අතර ද්විපාර්ශ්වික ගැටලු නොමැති බැවින්, ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම විදේශ කටයුතු අමාත්‍යවරුන් වශයෙන් ප්‍රමුඛතාවය වන බව ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරිය අවධාරණය කළාය. ද්විපාර්ශ්වික වෙළෙඳාම ඉහළ නැංවීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින මනාප වෙළෙඳ ගිවිසුම පිළිබඳ කටයුතු අවසන් කළ යුතුව ඇත.

නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකයින් වශයෙන් දෙරට අතර සබඳතා ඉතා වැදගත් බව අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා පෙන්වා දුන්නේය. සෑම කාරණයකදීම එකඟ නොවී එහි පවතින සුදුසුකම් මත සෑම කරුණක්ම විනිශ්චය කිරීම යන නොබැඳි ව්‍යාපාරයේ දර්ශනය හේතුවෙන් නොබැඳි ව්‍යාපාරය අදටත් අදාළ වේ.

එම නිසා අපි මෙම ව්‍යාපාරය සඳහා වැඩි ශක්තියක් ලබා දිය යුතුය. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව පිළිබඳව ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව ද පීරිස් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම නිසා ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය සහ ආසියාන් කලාපීය සංසදය තවදුරටත් සවිබල ගැන්වීම අවශ්‍ය වේ. ත්‍රස්තවාදය සහ වෙනත් ආකාරයේ සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක, බුද්ධි අංශ හුවමාරු සහ කාර්ය මණ්ඩල මට්ටමින් සාකච්ඡා කිරීම සඳහා වූ සහයෝගීතාව අමාත්‍ය පීරිස් මැතිතුමා තවදුරටත් අගය කළේය. ආසියාන් සංවිධානයේ සමහර සාමාජික රටවල් සමඟ ශක්තිමත් වෙළඳ සබඳතා පවතින අතර සහජීවනයක් බවතින බව පෙනී යන හෙයින්, ආසියාන් සංවිධානය සමඟ වඩා වැඩි අන්තර් සබඳතාවක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැමති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන්, ආංශික සංවාද හවුල්කරුවෙකු වීමට සහ සාක් සහ ආසියාන් අතර සම්බන්ධයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. කොවිඩ්-19 වසංගතයට එරෙහිව සාර්ථකව කටයුතු කළ ඉන්දුනීසියානු රජයට අමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් කළේය. මෙම වසංගතය හේතුවෙන් මනුෂ්‍යත්වයේ බලවේග එක්සත් කිරීමේ බලයක් ඇති වී ඇති අතර, සහයෝගයෙන් අපට එකට එකතු වීම සඳහා ඉඩ සැලසේ. දෙරට අතර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඵලදායී ප්‍රතිඵල සහතික කිරීම සඳහා නොබැඳි ව්‍යාපාරය සහ අයෝරා සංවිධානය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවට අමාත්‍යවරු දෙදෙනාම එකඟ වූහ. එකිනෙකාට පහසු අවස්ථාවන් හිදී එකිනෙකාගේ රටවල සංචාරය කිරීමට ද විදේශ අමාත්‍යවරුන් එකඟ විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 25 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close