ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සමරයි

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 පෙබරවාරි 04 වැනි දින සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සංවත්සරය සැමරීය.

පරිවාරක නිලධාරි චාමර ධර්මවර්ධන මහතා විසින් ජාතික ධජය ඔසවනු ලැබී ය. පසුව, ඉතියෝපියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ගීත ගායනා කොට මෙම උත්සවයේ වැඩ කටයුතු අරඹන ලදි.  ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ පුද්ගලයන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදි.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සාම්ප්‍රදායක පොල්තෙල් පහන දල්වන ලදි. ඉන් අනතුරුව, තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ නිදහස් දින පණිවුඩ, රැස්ව සිටි පිරිස හමුවේ ප්‍රකාශයට පත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ කිරිබත්, සාම්ප්‍රදායික රසකැවිලි සහ ලංකා තේ පිරිනැමීමෙන් අනතුරුව මෙම උත්සවය අවසන් කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අඩිස් අබාබා

2022 පෙබරවාරි 14  වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close