ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර වාණිජ්‍යය කටයුතු වැඩි දියුණු කිරිමට තානාපති මැදිහත් වෙයි

ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර වාණිජ්‍යය කටයුතු වැඩි දියුණු කිරිමට තානාපති මැදිහත් වෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර  වෙළඳ අවස්ථා වැඩි කීරීම සදහා ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් දැනුවත්  කිරීමක් ඉකුත් 2021 මැයි 24 වැනි දින ඇෆ්ඝනිස්ථානයේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේදී (ICC) සිදු විය. ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් මෙම දැනුවත් කීරිම සිදු විය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී හුජටුල්ලා ෆස්ලි මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙක් තානාපතිවරයාගේ වැඩ සටහන අගය කළ අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට අදාළ වන කරුණු සාකච්ඡා කළහ.

සිය පරිගණකගත ඉදිරිපත් කිරීම අතරතුර දී, තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ජාතික අපනයන උපායමාර්ගය සහ විශේෂයෙන් දෙරටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ප්‍රතිලාභ ලබා දෙන, ආනයනය හා අපනයනය සඳහා විභව ක්ෂේත්‍ර පිළිබඳව අවධාරණය කළේය. දැනට ඇෆ්ඝනිස්ථාන වෙළඳපොළේ අලෙවි වන බාල තත්ත්වයේ නිෂ්පාදනවලට එරෙහිව, ලංකා තේ, කුරුඳු සහ කුළුබඩුවල උසස් තත්ත්වය පිළිබඳව එතුමා සාම්පල ද ප්‍රදර්ශනය කරමින් විස්තර කළේය.

මෙම ඉදිරිපත් කිරීමට, ඇෆ්ඝනිස්ථාන වෙළඳපොළේ අලෙවි කළ හැකි ඇඟලුම්, ටයර්, රබර් ආශ්‍රිත නිෂ්පාදන, විදුලිබල කේබල්, විදුලි උපාංග සහ බයිසිකල් පිළිබඳව මෙන්ම, ශ්‍රී ලාංකික වෙළඳපොළෙහි අලෙවි කළ හැකි වියලි පළතුරු හා ඇට වර්ග, බුමුතුරුණු, කහ, එමරල්ඩ් සහ ටැල්ක් වැනි ඇෆ්ඝනිස්ථාන නිෂ්පාදන ද ඇතුළත් විය.

අවසානයේ දී, තානාපතිවරයා ඇෆ්ඝනිස්ථානයේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ව්‍යාපාරික ප්‍රජාවේ සියළුම සහභාගී වූවන් වෙත ස්තුතිය පුද කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කාබුල්

2021 ජූනි මස 08 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close