ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා දරන ප්‍රයත්න

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා දරන ප්‍රයත්න

ඇෆ්ගනිස්ථානයේ වර්තමාන වාතාවරණය සහ එහි සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව විදේශ අමාත්‍යාංශය පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරයි:

  • ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ආපසු පැමිණීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන් ආපසු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැලසීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේ කාර්යාවලියෙහි විදේශ අමාත්‍යාංශය මේ වන විට යෙදී සිටී.
  • හෝටලයක සිට ක්‍රියාත්මක වන කාබුල්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි දැනට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති අතර, එහි සේවය කරනුයේ එක් දේශීය සේවකයෙක් පමණි.
  • ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් හතලිස් තුන් (43) දෙනෙකුගේ විස්තර තානාපති කාර්යාලය සතුව පවතින අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ද (SLBFE) යම් යම් විස්තර තිබේ. ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් සේවය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සංවිධාන, නේටෝ හමුදා කඳවුරු සහ පෞද්ගලික සමාගම් සඳහා ය.
  • විදේශ අමාත්‍යාංශය මෙම තත්වය තක්සේරු කොට ගෙන ඇති අතර, එම ශ්‍රී ලාංකිකයින් ආපසු පැමිණීමට අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ ආරක්ෂිතව ආපසු පැමිණීම සහතික කිරීම සඳහා සෑම ප්‍රයත්නයක්ම දරනු ඇත.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close